IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


විරෝධයක් නිසා හයිලෙවල් මාර්ගය වැසෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනයට එරෙහිව නිර්පාක්ෂික පිිරිසක් සිදුකරන විරෝධයක් හේතුවෙන් හයිලෙවල්මාර්ගය කුරුඳුවත්ත ප්‍රදේශයෙන් වසා දමීම නිසා එම මාර්ගයේ දැඩි වාහන තදබදයක් ඇතැයි වාර්තා වෙයි.

පෙරවරුකාලයේ එම පිරිස අග්‍රාමාත්‍ය කාර්යාලය අසල විරෝධය දක්වා පසුව පා ගමනින් හයිලෙවල් මාර්ගය දක්වා පැමිණ මෙසේ විරෝධතාවයේ නිරත වෙති. 

(ළහිරු හර්ෂණ)



අදහස් (9)

විරෝධයක් නිසා හයිලෙවල් මාර්ගය වැසෙයි

gandheera Rathnayake Thursday, 26 May 2022 03:19 PM

මේ රට වැටිල තියන වෙලාවෙ ඒක භාර අරගෙන හදන්න හදන වෙලාවෙ ඔහොම කරන්න හොදනෑ ඔය මිනිස්සු.

:       37       62

darma Thursday, 26 May 2022 03:41 PM

මේ රටේ වැඩක් කෙරෙන්න ඕනෑ නම් මේ මහලොකු විරෝධතා කාරයින් දණිස්සෙන් පහළට වෙඩි තියලා එලවන්න ඕනෑ. ඇත්තටම මේ නිර්පාක්ෂික කිව්වට පස්සේ ඉන්නේ ජේවීපී. කිසිම වැඩක් කරන්න නොදෙන කාබාසිනියා කණ්ඩායමක්...

:       42       64

DimiThursday, 26 May 2022 06:32 PM

හරියටම හරි සහෝ...!

:       16       29

darma Thursday, 26 May 2022 06:31 PM

ඇත්තටම මේක නං පිස්සුවක්. නැතිනම් තමතමන්ට කියලා කරන්න වැඩක් නැති හිඟාකාලා ජීවත් වෙන කුඩ්ඩන් ටිකක් ෆෝම් කරලා ජේවීපී එක තමයි මේවා කරවන්නේ. මේවා දැන්වත් නවත්තන්න. බැරිනම් ගහලා එලවන්න. කිසිම කෙනෙකුට රටක් පාලනය කරන්න බෑ...

:       20       40

මැක්ස් Thursday, 26 May 2022 06:44 PM

මොන නිර්පාක්ෂිකද? ඔතන ඉන්න හැත්ත බුරුත්තම ජේවීපී සහ පෙරෙට්ටන්. ලෝකයේ අනෙක් රටවලට සාපේක්ෂව අප රට අගාධයට යන්නට මූලිකම හේතුව ඒ දෙගොල්ලන්. ඇයි කොයි දේ කරන්න ගියත් විරෝධතා...?

:       15       38

swissSaturday, 28 May 2022 11:47 PM

අද ඔය විශ්ව විද්‍යාලවල දේශපාලන සංගම් සහ රාජ්‍ය ආයතනවල වෘත්තිය සංගම්වල ඉන්න අයගේ දරුවෝම වෙන්න ඇති ඔය කැරලි ගසන්නේ..! ඔය සංගම් පුටුවල අද ඉන්න අය එදා 71 හා 89 කැරලි ගහපු අයම වෙන්න ඇති..! පිටරැටියන් අපේ රට වනසන්නේ නැහැ... වනසන්නේ පිල් බෙදුණු සිංහල ජාතියමයි..! දැනටමත් මේ රටේ තත්වය දැකලා සංචාරකයින් කීදෙනෙක් එනඑක නැවතුණාද..? හෝටල්වල රස්සාවල් කීයක් දැනට අහිමි වුණාද? රටට ඩොලර් ගේන්න ක්‍රම හා විදි සොයනවා. ඒත් රටට එන ඩොලරය නැවතිලා තියෙන හේතුව මෙයබව කවුරුවත් වටහලා දෙන්නේ නැහැ..! දින 50ක් වර්ජනය කළා.

:       0       0

wijesena Friday, 27 May 2022 10:59 AM

රට ගිලෙනකන් විරෝධතා කරපල්ලා.. 3% ඇතුළු අනිත් අයත්... රටකට පිනකට සල්ලි ලැබෙනවා හැරෙන්න නුඹලා මොනවද කරන්නේ? රටක් ගොඩගන්න රටවැසියාත් උනන්දු වෙන්න ඕනෑ. දැන් ඇති....!

:       1       14

Siri Friday, 27 May 2022 11:11 AM

මේ සේරම ජොනියාගේ මිනිස්සු, ජොනියා දැන් ජ.වී.පෙ. පිටින් දාන්ඩ වැඩක් පටන් අරගෙන පොහොට්ටුකාරයින් දාලා කරන්නේ අරක්කු පොවලා, සල්ලි දීලා, අර අරගලයට කළා වගේ...! පිටිපස්සේ ඉන්නේ රාජපක්ෂලා..!

:       18       5

Aravinda Monaarawila Friday, 27 May 2022 11:43 AM

බයියන්ට, ටොයියන්ට හොඳ වුණාට එදා වේල කන්න නැති තරමට මේ රට වට්ටලා.. රට විනාශ කරපු කල්ලි දෙක එකතුවෙලා මේ රට ගොඩදායි කියලා හිතන්න තරම් මේ රටේ මිනිස්සු මෝඩයින් නෙමෙයි.. ජවිපයට ගහන්න කෝටි 2ක් වෙන් කරලා තියෙනවා. ඒ සල්ලි දැන් වැඩකරන බව සමහර ප්‍රතිචාරවලින් පේනවා.

:       8       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 422 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2191 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1658 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site