IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


විරෝධයක් නිසා කැලණි සරසවිය අසල උණුසුම්

(අංජුල මහික වීරරත්න,ලාල් එස් කුමාර සහ ඉන්දිකා රාමනායක )

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් 4 දෙනකු කැළණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් අතරතුර දී අද (18)රාත්‍රී අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ පොලිසිය කියයි.

මෙම පිරිස කැළණිය විශ්වවිද්‍යාලය අසල සිට ප්‍රධාන මාර්ගයට පිවිසීමට තැත් කිරීමේදී අත්අඩංගුවට පත්ව තිබේ.

දැනට රිමාන්ඩ් භාරයේ සිටින කැලණිය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් දෙදෙනකු නිදහස් කරන්නැයි කියමින් වසන්ත මුදලිගේ ඇතුළු පිරිස අද රාත්‍රියේ කැළණිය විශ්ව විද්‍යාලය ඉදිරිපිට සිට උද්ඝෝෂණය කර තිබේ.

උද්ඝෝෂකයන් ප්‍රධාන මාර්ගය අවහිර කිරීමට දැඩි පරිශ්‍රමයක් දැරුවත් පොලිසිය ඊට ඉඩ නොදෙමින් දැඩි රැකවල් ලා සිටින අයුරු දැකගත හැකි විය.

(ඡායාරූප ලාල්.එස්.කුමාර)



අදහස් (4)

විරෝධයක් නිසා කැලණි සරසවිය අසල උණුසුම්

Jayalath Friday, 19 May 2023 02:53 AM

කාලකන්නි හැත්ත ළමයින්ට ඉගෙනගන්න දෙන්නෙ නැහැ

:       1       3

Lal Friday, 19 May 2023 05:43 AM

මුදලිගේ උන්නැහේ නම් දැන් සමාජ පිළිලයක්

:       1       3

Jagath Wickramasekara Friday, 19 May 2023 07:57 AM

හොඳ වැඩේ... වැද්දාව අත්අඩංගුවට ගන්න

:       2       3

P.d goonawardena Friday, 19 May 2023 11:42 AM

බල්ලෝ විද්‍යාලෙට ඇවිත් විද්‍යාලේ බල්ලට ගිහින්....

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site