(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

සිවිල් ගුවන් සේවා  අධිකාරියට එරෙහිව විරෝදතාවක් පවත්වද්දී එයි නිලධාරියකුගේ වාහනයකින් එම උද්ඝෝෂකයන් හප්පා අනතුරුක් කිරීමට උත්සහ කළැයි කියමින් කටුනායක පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇතැයි පොලිසිය කියයි. 

මෙම පැමිණිල්ල කර ඇත්තේ ශ්‍රී දේවානන්ද පුරාණ විහාරස්ථානයේ වැඩ වාසය කරන සපුතන්තිරිකන්දේ නන්දරතන හිමියන් විසිනි.

මෙම කැබ් රථය සිවිල් ගුවන් සේවා අධිකාරියේ උසස් නිලධාරියකුට අයත් එකක් බව පොලිිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.

දාගොන්න ප්‍රදේශය හරහා මීට මාස කීපයකට පෙර ගුවන් යානයක් පහළින් ගමන් කිරීම නිසා එම ප්‍රදේශයේ පදිංචි පවුල් 48කට අයත් නිවාස වහලවලට සිදු හානි  වෙනුවෙන් වන්දි මුදල් ගෙවීමට සිවිල් ගුවන් සේවා අධිකාරියේ මෙතෙක් අවධානය  යොමු නොවූ බවට චෝදනා කරමින් පිරිසක් එක්ව මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.