
(ඩයනා උදයංගනී)
අරගලකරුවන් ජනාධිපති කාර්යාලය අවටට රැස්වූයේ ජනාධිපතිවරයාගේ ජන්ම දින සැමරුමට සංකේතීය විරෝධය පළ කිරීමට මිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයන්ට හෝ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට බාධා කිරීමට නොවන බව සර්වපාක්ෂික අරගලකරුවන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ජනතා හිතවාදී කොන්දේසි මත ශ්‍රී ලංකාවට අවංකව සහාය වන්නේ නම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා රජය සමග සිදු කරන කිසිදු සාකච්ඡාවකට බාධා කිරීමට අරගලකරුවන් හෝ පුරවැසියන් වශයෙන් කිසිවෙකුටත් කිසිදු අවශ්‍යතාවක් නොමැති බවද ඔවුන් පවසයි.
එමනිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි වෙනත් කිසිදු ජාත්‍යන්තර ආයතනයක හෝ රටක නියෝජිත කණ්ඩායමකට කිසිදු අවහිරයක් හෝ බාධාවක් සිදු කිරීමට ක්‍රියා නොකරන බව අරගලකරුවන් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
ගෝඨාභය රාජපක්ෂ නම් අසාර්ථක පාලකයා රට බංකොළොත් කර, ජනතාව ආර්ථික අහේනියකට පත්කර ඇති බවත්, මෙවන් මොහොතක වර්තමාන ගෝඨා - රනිල් පාලනයට නිසියාකාරව ජාත්‍යන්තර සහයෝගය ලැබේ යැයි තමන් කිසිසේත් විශ්වාස නොකරන නමුත් මූල්‍ය අරමුදලේ සාමාජිකයන් කණ්ඩායමක් මෙරටට පැමිණීම 'සර්වපාක්ෂික අරගලකරුවෝ' වශයෙන් ධනාත්මකව සැලකිල්ලට ගන්නා බව ද ඔවුන් පවසයි.
අරගලකරුවන්ගේ විරෝධය අසාර්ථක ජනපති නන්දසේනට මිස ජාත්‍යන්තර ආයතන කෙරෙහි නොවන බවද එහි දැක්වේ.
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයන් 21 දෙනෙකු අනීතකව හා අත්තනෝමතිකව අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවද එහි සඳහන් ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම චේතනාන්විතවම ප්‍රමාද කළ පාලකයන් ඒ පිළිබඳ වගකීම අරගලකරුවන් වෙත පැටවීමට උත්සාහ දැරීම ද නිර්දය ලෙස හෙළා දකින බව ඔවුන් දක්වා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔතන හිටපු පෙළපාලි ගිය අයගේ අම්මලා තාත්තලා ඒවගේම සීයල ආච්චිලගෙත් උපන් දිනය අද දිනට යෙදිලා තියෙන්න ඇති....ඒව පැත්තකට දාලා මෙන්න රටවෙනුවෙන් ඒ අය සමරන හැටි...! ගත්ත ණය ගෙවා ගන්න බැරිව රට දඟලනවා..! මේ අය මෙන්න හැසිරෙන හැටි..! මේ අයම නේද මිනිපෙට්ටි අරගෙන පාරේ ගියේ '' ප්‍රී-ෂුටින් ' ' දාලා..!
එන්න කුක්කු බොන්න බබාලා... !
ඒක කොහොමත් ඕන කෙනෙක්ට තේරෙනවා. මොකද මේ අය විරෝධතා දක්වන්නේ ගොඩනැගිලිවලට විතරයි. ජනපති ඔතන නැති බවත් ජනපති, ජනාධිපති මන්දිරයේ සිටින බවත්, දැන දැන පාලු ගෙවල්වල වළං බිඳිති...
අපෝ මෙයාලා බබාලා... සූප්පුවේ කිරි බොන්නේ...!
ගෝඨාභය අසාර්ථක පාලකයෙක් කියනවනේ? එතකොට රනිල් සාර්ථක පාලකයෙක්ද?
විදේශ දුත පිරිස් ලංකාවට පැමිණ ලංකාවට ලබාදිය යුතු ආධාර සහ ක්‍රමවේදයන් පිලිබදව රජය සමග නිරතුරුව සකජා පවත්වමින් තිබෙනාවූ අවස්ථවක අරගල කරමින් කරනාවූ කුපිවි සිටින පුද්ගලයන්ගේ හැසිරීම් නවත්වා ගැනීමට " අරගල හිමිකරුවන් " අපොහොසත්ව තිබේ
කවුද බන් මේ අරගල කරුවන් කියන්නේ? ජෙප්පන්ට කියන තවත් නමක්ද?
එතකොට මෙයාලා බබාලා... හැබැයි ආණ්ඩු පෙරළන්නයි යන්නේ. ඔය රැල්ලට ගිහිල්ලා වැඩ වරද්දාගන්න එපා. ඔය රැල්ල හදන අය කවුරුවත් එදාට නැති බව විතරක් මතක තියා ගන්න.
ගල උඩ පැහැරූ බළලුන් වගේ. වහගන්න දඟළනවා...
1971 ඉඳලා ජෙප්පන් රටට කරපු ඵක හරි හමන් වැඩක් දන්න කෙනෙක් ඉන්නවා නම් ලියන්න...!
මේ අයට රජකාලේ දඬුවම් දෙන්න ඕනෑ.
පැහැදිලිවම අයි.එම්.එෆ්. එක එනබව දන්නා නිසා තමයි ඕක කළේ. මොවුන්ට ඕනෑ රට සම්පූර්ණයෙන්ම කඩා වට්ටලා මිනිස්සු බඩ ගින්නේ මරවලා ඒ තුළින් බලය ගන්න. විදෙස්වල ඉන්න අයට තාමත් කියනවා සල්ලි එවන්න එපා කියලා... ජෙප්පන්ගේ 88/89 ගති එහෙම්මමයි. මොවුන්ව රට විනාශ කරනවා. රාජපක්ෂලා විතරක්ම නෙවෙයි.
ජාතියක්, ජන්මයක් නැති ජෙප්පන් තවකෙනෙකුගේ ජන්ම දිනයට විරෝධය දැක්වීම පුදුමයක් නොවෙයි. මේ කාලකන්නින් පිහිටුවන ආණ්ඩුවක් තුණ්ඩු කෑල්ලෙන් රට පාලනය කරනු ඇත...
අනේ පව්... ජනාධිපතිට හැපි බර්ත් ඩේ කියන්න ඇවිත්... ලංකාවේ උද්ඝෝෂණවලට ගිය කලක්...!
අපොයි ඔව් කුක්කු බබාල දන්නෙ පිටිපස්සෙන් රිමෝට් අරගෙන ඉන්න අය කියන දේ කරන්න විතරක්
සර්ව පාක්ෂික අරගලය? කෝ එතකොට ඔතන තිබුණු නිර්පාක්ෂික අරගලය...
"ගෝඨාභය රාජපක්ෂ නම් අසාර්ථක පාලකයා රට බංකොළොත් කර, ජනතාව ආර්ථික අහේනියකට පත්කර ඇති බවත්"... ඔය තරුණ උදවියට ෆයිසර් එන්නතම ඕනේ කියලා හඬනකොට, ඒවාත් විශාල මුදලක් වියදම් කරලා ආනයනය කරලා ලබා දුන්නු හින්දා තමයි මෙච්චර හරියක් කරන්න පණක් ආවේ නේද..?
ඒ කියන්නේ රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී නන්දසේන උපන්දින සමරනවාද?