(ඉන්දිකා රාමනායක)
ජල , විදුලි බිල් වැඩි කිරීමට එරෙහිව අම්පාර ගොනාගොල්ල හන්දියේ පැවති ජාතික ජනබලවේගයේ විරෝධතාවයකට එක්ව සිටී පොලිස් කොස්තාපල්වරයකු වැඩ තහනම් කළ බව පොලිස් මූලස්ථානය පවසයි.
මෙලෙස වැඩ තහනමට ලක්කර ඇත්තේ අම්පාර වෙල්ලාවේලි පොලිසියට අනුක්ත ව රාජකාරි කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු බව පොලිසිය කියයි..
මොහු රාජකාරි විවේකය වාර්තා කර , කිසිදු පිටවීමේ සටහනක් නොදා සිවිල් ඇඳුමෙන් සැරසී ඉකුත් 26 දින ගොනාගොල්ල හන්දියේ දී, රජයට එරෙහිව පැවති මෙම විරෝධතාවයට එක්ව සිටීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව විමර්ශනයක් පවත්වා ඊයේ (5) සිට මෙම වැඩ තහනම සිදුකර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරු අල්ලපියවු කිය කියා යන එවුන් කරන්නෙත් හොර වැඩ
ඉතා සුදුසු විනය මාර්ගයක්. රජයේ සේවයට පැමිනියා නම් විනය රැකිය යුතුය. බැරිනම් අස්වි යන්න.
වැඩ තහනම් නොවෙයි රැකියාවෙන් අස් කලයුතුයි.. මේ කාලකන්නි රජයේ සේවකයෙකුගේ බැඳීම් හා වගකීම් ගැන අවබෝධයක් ඇති එවුන් නොවෙයි.