(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයකු ගොනුකර තිබූ රිට් පෙත්සමට විරෝධතා ගොනු කිරීමට පෙබරවාරි 17 වැනිදා දක්වා කල් ලබා දීමට අභියාචනාධිකරණය අද (26) නියෝග කළේය.
අධිකරණය මෙසේ නියෝග කළේ ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෂමින්ද්‍ර ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගැනීමෙන් පසුවය.
ඩයනා මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය දරන විදේශිකයෙක් බැවින් ඇයගේ මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයකු වන ඕශල හේරත් මහතා විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබ ඇත.
මෙම පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලින.
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෂමින්ද්‍ර ප්‍රනාන්දු මහතා කියා සිටියේ මෙම පෙත්සමට අදාල විරෝධතා ගොනු කිරීමට පෙර ආගමන විගමන පාලකවරයාගේ ලේඛන කිහිපයක් ලබා ගැනීමට අවශ්‍ය බැවින් විරෝධතා ඉදිරිපත් කිරීමට කල් ලබා දෙන ලෙසය.
ඒ අනුව විරෝධතා පෙබරවාරි 17 තෙක් කල් ලබා දීමට අධිකරණය තීරණය කෙරින.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd