(ඉන්දිකා රාමනායක)
යම් ස්ථානයක උද්ඝෝෂණයක් , හෝ පෙළපාලියක් පවත්වන්නේ නම් රටේ ක්‍රියාත්මක නීතියට අනුව ඒ සම්බන්ධයෙන් පැය හයකට පෙර පොලිසිය හෝ ආරක්ෂක අංශ දැවත් කර පූර්ණ අනුමැතිය ලබා ගත යුතු බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (26) පැවසීය.
පැය 6 අවසර එසේ අවසර ගන්නේ නම්, කිසිදු ගැටළුක් ඇති නොවන බවට ඉතා වගකීමෙන් පවසන බවට අමාත්‍යවරයා කීය.
දැන් පැවැත්වෙන කිසිදු විරෝධතා, උස්ඝෝෂණ පැවැත්වෙන්නේ එලෙස අවසර නොගෙන බවත්, ජන ජිවිතයට බාධා එල්ල වන එවැනි උද්ඝෝෂණ, පෙළපාලි හෝ විරෝධතා නීති ප්‍රකාරව මැඩපැවැත්වීමට ආරක්ෂක අංශ කටයුතු කරන බවද අමාත්‍යවරයා කියා සිටියේය.
අභියෝගකාරි පසුබිමක් තුළ රට තුළ කැළබිළි තත්ත්වයක් නිර්මාණය කිරීමට සිමිති පිරිසක් කටයුතු කරන බවත්, දේශපාලන න්‍යාය ප්‍රත්‍ර වලට විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම්, සහ අන්තගාමී වෘත්තිය සමිති පිරිස් මෙහි මුල්තැන ගෙන කටයුතු කරන බවද අමාත්‍යවරයා කියා සිටියේය.
ජනතාවට විරෝධතා පැවැත්වීමට, උද්ඝෝෂණය කිරීමට ඇති අයිතිය රජය පිළිගන්නා බවත්, ඒවාට ගරු කරන බවත්, නමුත් කිසිදු උද්ඝෝෂණයක් , පෙළාපාලියක් හෝ විරෝධතාවක් නිසා සාමාන්‍ය ජන ජීවිතයට , ආර්ථිකයට බාධාවක් නොවිය යුතු බවද හෙතෙම කියා සිටියේය.
කුමන තත්ත්වයක් යටතේ වුවද රටේ මහජන; සාමය වෙනුවෙන් පනවා ඇති නීති කඩකරමින්, ජනතාවය බාධා වන පරිදි වගකීම් විරහිතව හැසිරිමට කිසිදු පාර්ශවයකට ඉඩදින නොහැකි බවත්, මේ සම්බන්ධයෙන් රජය වගකීමෙන් කටයුතු කරන බවද අමාත්‍යවරයා කීය.
එසේ නොවුනහොත් මින්පෙර අත්විදි ආකාරයේ අරාජික, බියකරු, වාතාවරණයක් රටතුළ නිර්මාණය වීම, රජයේ හා පෞද්ගලික දේපොළ විනාශ කරන, ජීවිත හානිකරමින් කිසිදු පාලනයක් නොමැති සිදුවීම් නැවත ඇති වීමට ඉඩ ඇති බවද අමාත්‍යවරයා සදහන් කළේය.
පෙර ඇති වු එවැනි ක්‍රියාකාරකම් අවසානයේ පාර්ලිමේන්තුව වටලන මට්ටම දක්වා වර්ධන වන ආකාරයක් දුටු බවත්, එහි ඊළග පියවර වශයෙන් අධිකරණ පද්ධතිය ආක්‍රමණය කිරීමේ අවදානමක් තිබු බවද අමාත්‍යවරයා කීය.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිති බණ්ඩාර මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට රතු කට්ටයටයි පුතානෝ ගෙ කට්ටියටයි කරන්න වෙන වැඩක් නැති වෙයි නේද ?
වංචාව, දූෂණය නවත්වලා රට ආර්ථික අගාධයෙන් ගොඩගන්න කටයුතු කරන්න. එහෙම කරන්න බැරිනම් අලුත් ඡන්දයක් පවත්වන්න. ජනතාවට කැමැති කෙනෙක් තෝරගන්න. ඔය මොකවත් නොකර දිගින් දිගටම උජාරු කතා කියමින් සිටියොත් ළඟදීම ජනතාව ඒවි ඔබලා හොයාගෙන... එතකොට අනේ මාව හොස්පිටල් ගෙනියන්න කියලා කියන්නවත් බැරි වේවි..!
මාර කතානේ මෙයා කියන්නේ... ඡන්දයක් තියන්න. එතකොට විරෝධතා අවශ්‍ය වෙන්නේ නැහැ...
තවමත් ජනතාවගෙන් පාඩමක් ඉගෙන ගත්තේ නැති පාටයි.. මොන පාසලේද ඔය පුතා ඉගෙන ගත්තේ...?
ජනතාව පාරට බැහැලා විරෝධතා කරන්නේ දූෂිත දේශපාලුවන් රටට කරපු විනාශයට... ජනතාවට දැරිය නොහැකි ජීවන බර, පීඩනය නිසා.. ජනතාවගේ කතිරෙන් බලයට ආපු දේශපාලුවන්ට බල තණ්හාවට වැඩිය දෙයක් නැහැ...
තවමත් ජනතාවගෙන් පාඩමක් ඉගෙන ගත්තේ නැද්ද? එහෙම නැතිනම් ජනතාව තවම පාඩම හරියට කියලා දුන්නේ නැද්ද? ඔය පුතා මොන පාසලේද ඉගෙන ගත්තේ...?
එතකොට මේ ගොල්ලෝ විරුද්ධ පක්ෂේ ඉන්නා විට කරපු සියලුම විරෝධතා ඕවාට යටත්ව කළා කියලාද කියන්නේ...?
ඇමති කට්ටක් හම්බ වුනාම වැඩ පෙන්වන හැටි තමයි අප දකින්නේ. පසුගිය මැයි 9 වෙනිදා අරලියගහ මන්දිරයේ සිට බූරු සංදේශය සහ යකඩ පොලු රැගෙන යාමට පැය හයකට පෙර අවසර අරගෙන වෙන්න ඇති යන්න ඇත්තේ. තමන් බක්කි කරත්ත දක්කපු කාලෙකුත් තිබුණ බව අමතකයි වගේ. ඇත්තටම ඔබලාගේ තුප්පහි දේශපාලනය තවදුරටත් ජනතාව පිළිගන්නේ නම් එරට ජනතාව ගැන කණගාටු වියයුතුයි.
එදා පැය 6 ගතවෙනකොට ගෝඨාභය නැවට නැගලා ත්‍රිකුණාමලේ දූපතට යන්න පිටත් වෙලා.., ජනතාව ආවොත් නරියට අලි බබාගේ හොරු 134ට දුවන්න පාර මදිවේවි. ජනතාව ඕගොල්ලන්ට මාස 3-4 ක පොඩි සහන කාලයක් දීලා තිබෙන්නේ... එම කාලෙදිත් උජාරු කතා කිය කිය හිටියොත් කළින්ම බඩු ලැබේවි. 69 ලක්ෂයෙන් දැන් ලක්ෂ 9ක්වත් ඔබට නැත...
ව්‍යවස්ථාවෙන් අපට හිමිවෙලා තිබෙන අපේ පුරවැසි අයිතිවාසිකම් භුක්ති විඳින්න ඔබලා වැනි අයගෙන් අවසර ගන්න අපට කිසිම අවශ්‍යතාවයක් නැහැ. වැඩිය උඩ පැන්නොත් පෙළපාලිය ගෙදරට ඒවි.