
(ප්‍රියන්ත දසනායක)
සිය මිතුරාගේ ජංගම දුරකථන උපාංග අලෙවිසලේ හිමිකරු අසුනේ ජංගම දුරකථනය ආරෝපනය කර ගනිමින් සිටි 22 හැවිරිදි තරුණයකුට එල්ල වූ වෙඩි පහරින් මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා කියයි.
මෙය ඉලක්කය වැරදී සිදුවූ ඝාතනයක් බවට පෙනී යන බව ද පොලිස් මධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේය.
මෙසේ අවාසනාවන්ත ලෙස වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත් වුයේ එම අලෙවිහලේ හිමිකරුගේ මිතුරකු වූ වැලිපිටිය, මූණමල්පේ පදිංචිව සිටි මින්දික අලුත්ගමගේ (අවු.22) නම් තරුණයෙක් බවත් කීය.
වෙඩි ප්‍රහාරය සිදුවන අවස්ථාවේ වෙළෙදසල් හිමිකරු එහි නොසිටි බවත් එම නිසා වෙඩික්කරුවන්ට යම් වැරදීමක් වන්නට ඇතැයි සැකකොට ඒ ඔස්සේ තවත් විමර්ශනයක් සිදු කරන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
මින්දික උඩුකාව ප්‍රදේශයේ ඇගලුම්කම්හලක සේවය කොට යතුරුපැදියෙන් සේවය නිමවා යළි නිවස බලා යන අතර තුර සිය මිතුරාගේ අලෙවිසලට ගොස් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවත් පොලීසිය කීය.
අලෙවිසලේ හිමිකරු දුරකථන ඇමතුමක් ලබා ගැනීමට ඉන් පිටතට පැමිණ රැදී සිටියදී වෙඩි තැබීම සිදුව ඇති බවට පරික්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් අනාවරණය කරගෙන ඇති බව කියති.
මෙම අලෙවිසලේ හිමිකරු ප්‍රදේශයේ මත්පැන් අලෙවි හළකින් රුපියල් ලක්ෂ 21ක් කොල්ල කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හල අයකු බවත් පොලීසිය පවසති.
එම අවස්ථාවේ පොලිස් නිළධාරින් තමාට පහරදුන් බව පවසමින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇති බවත් හිමිකරු පොලීසියට ලබාදුන් ප්‍රකාශයේ සදහන්ය.
එම පෙත්සම ගොනු කිරීමෙන් පසු තමාට තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලැබුණු බවට මහේස්ත්‍රාත් පරීක්ෂණයේදී ඔහු පෙන්වාදීමෙන් පසු ජිවිතයට ඇති තර්ජනයන් සලකා ඔහුට පොලිසිය භාරයේ ආරක්ෂාව සලසන්නැයි මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා පොලීසියට නියෝග කළේය.
කෙසේවෙතත් වෙඩි තැබීමට ඝාතකයන් පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදිය අංක තහඩු නොමැතිව හෙල්මට් උපකරණ සමග මාතර බණ්ඩත්තර ඇළවේල්ලේ මඩවගුරක දමාගොස් තිබියදී සොයා ගැනීමට අද දහවල් පොලීසිය සමත් වූහ.
එහෙත් ඝාතනය සම්බන්ධයෙන් කිසිදු සැකකරුවකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව උසස් පොලිස් නිළධාරින් පවසති.
වෙඩි වැදීමෙන් මියගිය මින්දික අලුත්ගමගේ තරුණයා සහොදරයන් තිදෙනකුගෙන් යුත් පවුලේ බාලයා බවත් වැඩිමහල් සහෝදරයා ගුවන් හමුදා නිළධාරිකු බවත් අනෙජ් සොහොයුරා කොරියාවේ රැකියාවක නියුතු අතර මින්දිකද තවත් නොබෝ දිනකින් කොරියාවේ රැකියාවට යෑමට පොරොත්තු ලේඛනයේ රැදී සිට ඇතැයි ඥාතීන් පවසති.
මේ අතර මේ අයුරින්ම වෙඩික්කරුවන්ට ඉලක්කය වැරදීමෙන් අපරාධවලට සම්බන්ධ නොවූ තරුණ ජීවිත රැසක් අහිමි වූ බව පොලීසිය වැඩිදුරටත් පෙන්වා දෙති.
තෙලිජ්ජවිල ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කිරීමට කටයුතු කර තිබේ.
අපරාධය සිදුවූ ස්ථානය හා අකුරැස්ස අමලගොඩ නිවසේ දේහය රැගෙන ඒමට පෙර.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසේවනාච බාලානං
නරක මිතුරු ආශ්‍රයේ විපාක
මේක පොලිසියේ වැඩක් වගේ.
යුක්තියේ මෙහෙයුමට මුවා වී සිවිල් ඇඳුමින් ආපු පොලිස් කාරයෝ වගේ මට නම් පෙනෙන්නේ
ඕක තමයි කියන්නේ තමන්ට නුසුදුසු, එහෙම නැත්නම් අයිතිය නැති තැන්වල වාඩිවෙන්න එපා කියලා ගෝඨාභය කරගත්තෙත් ඒකමයි සාමාන්‍යයෙන් ඔෆිස් එකකට ගියාම, නැත්නම් පාසලකට ගියාම ලොක්කාගේ/ විදුහල්පති ආසනයේ කිසිවෙක් වාඩිවෙන්නේ නැහැ.. ගුරු පුටුවේ දරුවෝ ඉඳගන්නේ නැහැ... දැන් කාලයේ කවුරුවත්ම ඕවා ගණන් ගන්නේ නැහැ. කොහොම වුණත් අතීතයේ මිනිස්සු කියපු දේ කිසිවක් වැරැදිලා නැහැ...
අසේවනාච බාලානං පන්ඩිතානංන්ච සේවනා කියලා බුදුහාමුදුරුවෝ දේශනාකර තියෙනවා ඉතින් මෙම තරුණයා මෑතකදී නිදහස ලබා පැමිණි කෙනෙක් හමුවෙලා ඔහුගේ අසුනේ ඉදගෙන තියෙනවා කොන්ත්‍රාත් මැරයො සත්‍ය පුද්ගලයා නොදැනීම නිසා මේක වෙලා කියලද කියන්නෙ