
(විමුක්ති එස් රුද්‍රිගු)
සිංගප්පූරු පාර්ලිමේන්තුවේ පැවති විවාදයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී සහකාර මහාචාර්ය ජේම්ස් ලිම් මහතාට අසභ්‍ය වචනයෙන් කතා කල බවට වරද පිළිගැනීම සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක සමඟ අයථා සම්බන්ධයක් පැවැත්වීම හේතුවෙන් එරට පාර්ලිමේන්තු කතා නායක ටෑන් චුවාන් ජින් මහතා සිය මන්ත්‍රී ධුරයෙන් සහ කතානායක ධුරයෙන් ඉල්ලා අස් වී ඇත.
පාර්ලිමේන්තුවේදී ශිෂ්ට සම්පන්න නොවන මෙන්ම පාර්ලිමේන්තුවට නොගැලපෙන අසභ්‍ය වචන ප්‍රකාශ කිරීමෙන් තමන් වැරද්දක් සිදුකල බවත් ඒ හේතුවෙන් කතා නායක ධුරයෙන්, පක්ෂ සාමාජිකත්වයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වන බවත් සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෑන් ලෝන්ග් මහතා වෙත සිය ඉල්ලා අස්වීම භාර දෙමින් ටෑන් චුවාන් ජින් මහතා ප්‍රකාශ කර ඇත.
ටෑන් චුවාන් ජින් මහතා සමග එරට පාර්ලිමේන්තු මන්ත්‍රිනී චෙන්ග් ලී වෙයි මහත්මියද සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.ටෑන් චුවාන් ජින් මහතා විවාහක දෙදරු පියෙකි.චෙන්ග් ලී වෙයි මහත්මිය චුවාන් ජින් මහතා සමඟ අයථා සම්බන්ධයක් පවත්වා ඇති අතර එම සම්බන්ධය ඇයගේ ඉල්ලා අස්වීමට හේතු වී තිබේ.
ටෑන් චුවාන් ජින් මහතා ගත් තීරණය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය ලී සියෑන් ලෝන්ග් මහතා ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට නොගැලපෙන අයුරින් හැසිරෙමින් වරදක් සිදුකල බව පිළිගැනීම තමන් අගය කරන බවත් දේශපාලනයෙන් ඉවත් වීමට ඔහු ගත් තීරණය තේරුම් ගත හැකි බවත්ය.
අග්‍රාමාත්‍ය වරයා ටෑන් චුවාන් ජින් මහතාගේ ඉල්ලා අස්වීම පිළිගනිමින් ඔහු දැරූ වගකීම් සියල්ල සංස්කෘතික, ප්‍රජා සහ තරුණ කටයුතු අමාත්‍ය එඩ්වින් ටොන්ග් මහතා වෙත පැවරීමට තීරණය කර තිබේ.පාර්ලිමේන්තු කතා නායක ධුරය දරන්නෙකුට විෂමාචාර චෝදනා එල්ල වීම කිසිසේත් සැහැල්ලුවෙන් ගත හැකි කරුණක් නොවන බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී ඇත.
ප්‍රවාහන අමාත්‍යවරයාට එරෙහිව දූෂණ ක්‍රියා සම්බනධව විමර්ශනයක් ක්‍රියාත්මක වන මොහොතක තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු විෂමාචාර ක්‍රියා හේතුවෙන් ඉල්ලා අස්වීම සිංගප්පූරු පාලක පක්ෂයේ ජනප්‍රියත්වය පහළ යාමට හේතු වනු ඇතැයි දේශපාලන විචාරකයන් පවසා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඒකට ශ්‍රීලංකාව
ඒකටත් එක්ක අපේ රටේ උන්දෑ ගැන කියලා වැඩක් නැහැ .
මුලු ලෝකෙම එහෙම උණත් ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ. ලංකාවේ දෙස්පලුවන්ට ලැජ්ජාවක් ගෑවිලවත් නෑ. මුන්ට කිසිම හෘද සාක්ෂියක් නෑ
සින්ගප්පුරුවේ ඔහොම උනාට සිරි ලංකාවේ එහෙම වෙන්නේ නෑ.
මතකනේ අපේ සභානායකයාම කුණුහරුපෙන් විපක්ෂ මන්ත්‍රීවරියකට බැන්නා. ඊට කලින් මිරිස් කුඩු ගැහුවා. ව්‍යවස්ථාවේ පිටපත් කීතු කීතු කරලා දැම්මා...
අප රටේ පාර්ලිමේන්තුව ලොවේ අංක 1ට පැමිණ ඇත්තේ, මිනීමරුවන්, ස්ත්‍රී දූෂිතයින්, අධික පගා ගහන්නන්, අධික කොමිස් ගහන්නන්, රටේ ඇති වටිනා සම්පත් විකුණන්නන්..., රටට කුඩු ටොන් ගණන් ගෙන්නන්නන්, ඒ මදිවට රටේ නීතියද පයට තබා තදකර, පෝසත් වීම තුලින් අංක එකට විත් බැබලෙමින් තිබේ, එසේනම් සමහර රටවල් ගුණ ධර්මයෙන් පිරි , ව්‍යවථාවට, නීතියට ගරු කරමින් යන නිසා අංක 2 පැමිණ තිබේද?... එසේ නම් අපට අද සත්‍යය බුද්ධියෙන් බලන්නට කාලය පැමිණ ඇතැයි සිතමි...
එහෙත් එහෙමද...? මෙහෙත් එහෙමයි. මේරටේ මිනිස්සු කෙළින්නේ පිස්සු...
ශ්‍රී ලංකාවේ කථානායකවරයෙක් සිටීද?
අපේ රටේ ඉන්නේ සාමාන්‍ය පෙළවත් සමත් නැති කාලකන්නි අපතයෝ ටිකක් නේ .ඉතින් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද ?
හැබැයි පුතෝ ලංකාවෙනං එලියට ඇදල දැම්මත් යන්නෙ නං නැහැ. අපේ රටේ දූෂණය, වංචාව , හොරකම කොච්චර ඉහලද කියල ඒ කෙනාම පේනව. සිංගප්පූරුව අද ඔයතරම් දියුණු වෙලා තියෙන්නෙත් ලංකාව බංකොළොත් වෙලා තියෙන්නෙත් මොකද කියල දැන් තේරෙනවනේද. ඒ රටවල්වල දේශපාලඥයා රටට ආදරයි වගේම වරදක් කලොත් ඒක පිලි අරගෙන දේශපාලනයට ආයුබෝවන් කියන්ඩ සැදී පැහැදී ඉන්න අවංක මිනිස්සු. ඒකට ලංකාවෙ දේශපාලුවො. පෙනි පෙනී වරද කර කරත් නැහැ කියන අසම්මතය.
මුළු ලෝකෙම එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ