
(රෝෂන් තුෂාර)
රූමත් කාන්තාවන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් අසභ්‍ය කතාන්දර (වල් කතා) ප්‍රචාරය කිරීමේ යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යෑමේ චෝදනාවට වරද පිළිගත් කඩුවෙල පුද්ගලයකුට මාස හයක සිරදඬුවමක් වසර පහකට අත්හිටවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය අද (31) නියම කළාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් ගොනු කළ නඩුවක විත්තිකරුවකු වූ දිමුතු චාමර (ටොපියා) නමැති පුද්ගලයකුට මෙම වසර පහකට අත්හිට වූ මාස හයක සිර දඬුවම නියම කළාය .
කොළඹ ප්‍රදේශයේ පාසල් ගුරුවරියක රහස් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන පැවැත්වීමෙන් අනතුරුව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මෙම නඩුව ගොනු කොට තිබිණි.
තමාගේ ඡායාරූපයක් අසභ්‍ය කතා විකාශය කරන යූටියුබ් නාලිකාවක ප්‍රදර්ශනය වන බවට ගුරුවරිය කරන ලද පැමිණිල්ලට අනුව චෝදනා තුනක් යටතේ මෙම නඩුව ගොනුකොටට තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වගේ ලෙඩ්ඩු තව දෙතුන් දෙනෙක් ඉන්නවා යු ටියුබ් එකේ, ඔයාලටත් ඔය ටොපියම දුන්නා නම් හරි....
ඔය youtube එකේ කිසිම හිරිකිතයක් නැතිව පට්ට කුණුහරුප කියන පුද්ගලයින්ටත් විරුද්ධව යමක් කරන්න ඕනේ...!