
(අංජුල මහික වීරරත්න)
අල්ලස හා දූෂණය නැමැති අපරාධයෙන් දේශපාලන යාන්ත්‍රණය මුදා ගැනීමට වත්මන් රජය කටයුතු කර ඇති බැවින් නිලධාරී යාන්ත්‍රණයද කඩිනමින් නිවැරදි මඟට පැමිණිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
ඒ නිවැරදි මගට පිවිසීම සඳහා මාස හයක කාලයක් ලබා දී ඇති බව කී ජනාධිපතිවරයා නිලධාරී යාන්ත්‍රණය නිවැරැදි නොවන්නේ නම් ලබන මැයි මාසයෙන් පසුව ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බව පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (09) පැවති "ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම 2025-2029" එළිදැක්වීමේ අවස්ථාවට එක් වෙමිනි.
මෙරට රාජ්‍ය ආයතන පද්ධතියේ ගෞරවය හා වටිනාකම් විනාශ කරමින් අල්ලස හා දූෂණය රජ වී ඇති බව කී ජනාධිපතිවරයා වත්මන් ආණ්ඩුව බලයට පත් වී ගෙවී ගිය මාස හය තුළ රාජ්‍ය සේවයේ කිසිදු ස්ථානයක් බිඳ වැටීමට ඉඩ නොතැබූ බව කීය.
නිලධාරී යාන්ත්‍රණය වෙනස් වීමට තවදුරටත් සූදානම් නොවන්නේ නම් මෙම මැයි මාසයෙන් පසු එම නිලධාරීන් වෙනස් කිරීමට කටයුතු කරන බවද සඳහන් කළේය.



COMMENTS
ඉතාමත් හොඳ වැඩක්
මාස හයක් නෙමෙයි, පැය හයක්වත් දෙන්න ඕනෑ නෑ. රටේ බහුතරයක් තක්කඩි හොරුන්ව ගෙදර ඇරලා මේ රජය පත්කරගත්තේ එහෙම කාල-වකවානු දෙන්න නෙමෙයි.
නිතී ගරුක ශිෂ්ඨ සම්පන්න රටක් ඇතිවීමට නම් හොරකම්, වන්චා, දූෂණ තුරන් කළ යුතුමයි. මෙතෙක් අපේ රටේ පැවැතියේ ජනතාව රවට්ටපු බලලෝභී, බඩගෝස්තරවාදී දූෂිත දේශපාලුවෝ, මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ වලින් බඩ වඩා ගත්තු එක... පරම්පරා ගාණකට ඇති වෙන්න හරිහම්බ කරගත්තු එක.. රටම හොරාකාලා විනාශ කරපු එක...
වසර 13 ක් මට තාම මගේ වැටුප් දෙන්නේ නැහැ. මම ගරැ අභියාචනාධිකරණයේ පවරපු නඩුවෙන් පවා තීරන්දු කර තිබෙනා මගේ සේවය නතරත කිරිම බරපතළ අපරාධයක් කියල. ඒක දිග කථාවක්. මට මගේ වැුප් ලබාදිය යුතුයි. නඩුවේ වගඋත්තරකරුවන් එකිනෙදා එකතු වෙලා එකිනෙකාට ලියුං ලිය ලිය ඉන්වවා මිසක මගේ කැටලුව විසදා දී සැහැ. රජයේ නිලධාරීන් විශුාම ගියත් නඩා පවරන්න පුලුවන් තත්ත්වයකට නීතිය සකස් කල යුතුයි මේ පනක මම හොදින් අධ්‍යයනය කලා. දකුණේ ආණ්ඩුකාරයරයා පත්කරපු කොමිසම පැත්තකට දමල පුධාන ලේකම් හිතුමතේට වෙනත් කොමිටියක් පත්කරල මගේ හිග වැටුප ලබානොදෙන්න කටයුතු කර තිබෙනවා. මම ජනාධිපතිතුමාටත් අගමැතිතුමියටත් අල්ලස් කොමිසමටත් විගණකාධිපතිටත් ආණ්ඩුකාරවරයාටත් පැමිණිලි කරලයි තියෙන්නේ. ජනාධිපතිතුමා දැන් දෙතුන් වතාවක් මේ ගැන ආණ්ඩුකාරයාටත් කිනයල තියෙනවා.ඒ වගේම අගමැතිනියත් කෝ ගත්ත පියවරක් නැහැ. මම කැමතියි ඕනෑම පරීක්ෂනයට මුහුණ දෙන්න. ඒකයි මම මගේ නමින්ම මේව ලියන්නෙ. දකුණේ පරිපාලනය ඉතා දූෂිතයි.
රටේ යුක්තිය නීතිය සාධාරනය කාටත් පොදුයි .පහුගිය කාලේ අදිකරණය පවා දේසපාලණීකරණය වෙලා තිබුනේ. දේසපාලුවන්ට එක නීතියක්ජ නතාවට වෙනම නීතීයක් පැවතුනේ.අද ඒ තත්ත්වය වෙනස් වෙමින් පවතිනවා .රට බන්කොලොත් කරන්ඩ දායක වෙච්චි හැම දූෂිත දේසපාලුවෙකුටම නීතීයෙන් උපරිම දඩුවම් ලබාදිය යුතුයි .
ඕක ලබන මාසේ ඉඳන් කරන්න තිබෙන දෙයක් නොවේ. ජනවාරි සිටම පටන්ගන්න තිබුණු වැඩක්.., හරි ලබන මාසේ ඉඳන් ක්‍රියාත්මක වෙනවා කියමුකෝ... කුමක්ද ඔබ ඒ සඳහා සකස් කළ සැලසුම්? නිකන් කටින් කියපු පලියට ඕවා සිද්ධ වෙන්නේ නැහැ. සැලසුම් අවශ්‍ය වෙනවා, අපි පුංචි කාලේ හිටිය ප්‍රේමදාස කියලා ජනාධිපති කෙනෙක්..., මිනිහා යමක් කියන්නේ හොඳට සැලසුම් කරලා හිතලා, යමක් කරනවා කිවොත් හොඳින් හෝ නරකින් අනිවාර්යයෙන් කරනවා. අපි පොඩි කාලේ පාසල් බස් එකක් දුම්රියේ ගැටිලා විශාල අනතුරක් අහුන්ගල්ලේ සිදු වුණු රටම කම්පා වුණ, පැය 24 යනකොට රටේම අනාරක්ෂිත දුම්රිය ගේට්ටු වලට උණබම්බු ගේට්ටු දැම්මා. අන්න ක්‍රියාශීලි මිනිස්සු, මිනිහා ලොකුවට කයියත් ගැහුවා. නමුත් උදේ 4 ඉඳන් රාත්‍රී 10 දක්වා වැඩ, මිනිහා ළඟ කාර්යක්ෂම නිලධාරී සෙට් එකකුත් හිටියා...
මැක්ස්, යෝගා ගුණරත්න තඹුත්තේගම සහ අනික් නම් අයිති එක්කෙනා මොනවත් කියන්නෑ. හේතුව එයාගේ වීරයෝ හොරකම් ප්‍රවර්ධනය කරපු හින්දා...!
තවත් ඡන්ද පොරොන්දුවක්...
ඕවා දැනට මාස 6-7 ක සිට කරන නිකම් පුස් තර්ජන පමණක් බව නිලධාරීන් දන්නවා. නිලධාරීන් වැඩ කරන්නේ ඔවුන්ට වුවමනා ලෙස පමණක් බව රජයේ කාර්යාලයකට යන ඕනෑම මනුස්සයෙකුට පෙනෙනවා පගාව ගැසීම ඉතා සීග්‍රයෙන් සිදුවන බව පෙනෙනවා. නිසි වැඩ පිළිවෙලක් නොමැතිව, තර්ජනය කරලා පමණක්, අල්ලස දූෂණය නැති කරන්න බැහැ.