(රංජන් කස්තුරි)
නවකවදය ඇතුළු විවිධ වරදවල් සඳහා යොමුවන විශ්ව විද්‍යාල සිසුන්ගේ අසාදු ලේඛනයක් සකස් කරන බව උසස් උධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි.
නවක වදය, රාජ්‍ය දේපළවලට හානි කිරිම, ප්‍රචණ්ඩත්වය වැපිරීම, වැනි චෝදනාවලට ලක්වන විශ්ව විද්‍යාල සිසුන් ඒ සඳහා වරදකරුවන් වූ විට ඔවුන්ගේ නම් අසාදු ලේඛනයට ඇතුළත් කරන බව ද අමාත්‍යවරයා කීවේය.
රජයේ රැකියා ලබාදීමේදී හා වෘත්තීය මට්ටමේ ශිෂ්‍යත්ව ආදාය ලබාදීමේදීත් වෙනත් රජයේ පහසුකම් ලබාදීමේදීත් අසාදු ලේඛණයේ සිසුන් නෙසලකා හරින බව ද සුරේන් අමාත්‍යවරයා කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිසේත්ම මෙම දඬුවම් ප්‍රමාණවත් නොමැත. සම්පූර්ණයෙන් ශිෂ්‍යභාවය අවලංගු කර විශ්වවිද්‍යාලයෙන්ම පන්නා දැමිය යුතුයි. අනෙක් ඉගෙන ගන්න ළමුන්ගේ අභිවෘද්ධිය සඳහා...!
තීරණයක් ගන්න යන්න කවුද? ඔබද? නැතිනම් උසාවියද?
හොඳ වැඩක්... ඔය වගේ අයට රජයේ ජොබ් එකක් දුන්නාම කෙළවරක ඉඳලා හොරාකනවා. විශ්ව විද්‍යාල එකෙන්ම කපලා දැමීම හොඳ වැඩක්...
ඉතා හොඳයි. හැබැයි පුද්ගලික පළිගැනීම් එපා...!
බොහොම ස්තූතියි, පහුවෙලා හරි ගත්තු හොඳ තීරණයක්...!
මොනම නීතියක් හරි ගෙනත් විශ්ව විද්‍යාල තුළ නැත්තටම නැතිවෙලා තියෙන විනය හදාගන්න පුළුවන් වුණොත් හොඳ දෙයක්...
පිස්සුව ටිකක් වැඩියි වගෙයි...
මෙයා උගතෙක් කියනවා... නමුත් මේ කාලකණ්ණින්ට තේරෙන්නේ නැහැ.. රට තමුන් කරන විනාශයට මොවුන් ඉස්සරවෙලා අසාදුලේඛන ගත කරන්න ඕනේ... ඉන් පස්සේ මේ හොරු රැළ අයි.ආර්.සී. ලේඛනයත් දාන්න ඕනේ...
දැඩි දඬුවම් දිය යුතුයි.
හොඳ තීරණයක් ඒවාට ළමයි පොළඹවලා දේශපාලන වාසිගන්න හදන ආචාර්ය මහාචාර්යවරුන්ගේ අසාදු ලේඛනයක් හදන්න අතීතයට බලපාන ලෙස...!