
(යොහාන් භාසුර)
දුම්රිය වර්ජනය පැවැති දින දෙක තුළ දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 10 කට ආසන්න ආදායමක් අහිමිවී ඇතැයි එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් අද (11) පැවසීය.
දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය දිනක මගී ප්‍රවාහන ප්‍රවේශපත් ආදායම පමණක් කෝටි 4 ක් පමණක් වන බවත් එම ආදායමට භාණ්ඩ ප්‍රවාහනය ඇතුළු සෙසු ආදායමත් එකතු කළ පසු දෛනික ආදායම කෝටි 5 ක් පමණ වන බවත් එම නිලධාරියා කීය.
දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනයත් සමඟ ප්‍රවේශපත් නිකුත් නොකිරීම නිසා දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් වර්ජනය පැවැති දිනවල ධාවන කළ දුම්රියවල ගිය මගීන්ගෙන් ද ප්‍රවේශපත් ගාස්තු නොලැබුණු බව කී එම නිලධාරියා වර්ජනය අඛණ්ඩව පැවතුණ හොත් අලාභය තවත් වැඩි වන බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
80ව දශකයේ රජයෙන් කරනකොට ජපානයේ දුම්රිය සේවයයි ඊට පස්සේ පුද්ගලික අංශයට දුන්නාට පස්සේ සේවයයි ගැන අධ්‍යනය කරන්න. අදහා ගතනොහැකි වෙනසකි! කාර්‍යක්ෂම හා ඉතා උසස් ගුණාත්මයෙන් යුතු සේවයකි. මෙහෙ පුද්ගලික අංශයට දෙන්න බැරිනම් තියෙනෙ සේවය නිවැරදි මාවතට ගන්න. අකාර්‍යක්ෂම නිළධරීන් ගෙදරයවා කොන්ත්‍රත් පදනම මත යහපත් අවුරුදු 68ට අඩු විශ්‍රාමික නිළධාරීන් අවුරුදු කිහිපයකට බඳවා ගෙන අලුත් පිරිසක් පුහුණු කරන්න. නැත්නම් පහල මට්ටම් වල යහපත් නිළධාරීන් උසස්කර අවශ්‍ය සේවය ලබාගන්න. මීලඟ දශකයේදී වත් යහපත් දුම්රිය සේවයක් ලැබෙයි.
ලංකාව හදන්න ඕන නම් සියලුම ආයතන පුද්ගලීකරණය කල යුතුය
මෙම මුදල් වර්ජනයට සහභාගිවු සියලුදෙනාගෙන්ම අයකල ගත යුතුය