
(මහින්ද නිශ්ශංක)
දෙවන දිනටත් ක්‍රියාත්මක දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හා පාලකවරුන්ගේ වර්ජනයේ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ විශේෂ සාකච්ඡාවක් අද (11) පස්වරුවේදී පැවැත්වෙන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසීය.
වර්ජනයට අනිකුත් දුම්රිය වෘත්තීය සමිති සහය ලබා ගැනීම සම්බන්ධව මෙහිදී සාකච්ඡා කෙරෙන බව ද ඔහු කීහ.
වැඩ බලන දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විහිළුකාරයෙක් බවට පත්ව ඇතැයි පවසන සභාපති සුමේධ මහතා ඉතා පහසුවෙන් විසදුම් ලබා දිය හැකි අපේ ඉල්ලීම් ඉටු කිරීමට සාමාන්‍යාධිකාරීවරයා අපොහොසත්වීම වර්ජනය දිග්ගැස්සීමට හේතුවක් බවද පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුද්ගලික අංශයට දෙන්න බැරිනම් තියෙනෙ සේවය නිවැරදි මාවතට ගන්න. අකාර්‍යක්ෂම නිළධරීන් ගෙදරයවා කොන්ත්‍රත් පදනම මත යහපත් අවුරුදු 68ට අඩු විශ්‍රාමික නිළධාරීන් අවුරුදු කිහිපයකට බඳවා ගෙන අලුත් පිරිසක් පුහුණු කරන්න. නැත්නම් පහල මට්ටම් වල යහපත් නිළධාරීන් උසස්කර අවශ්‍ය සේවය ලබාගන්න. මීලඟ දශකයේදී වත් යහපත් දුම්රිය සේවයක් ලැබෙයි. 80ව දශකයේ රජයෙන් කරනකොට ජපානයේ දුම්රිය සේවයයි ඊට පස්සේ පුද්ගලික අංශයට දුන්නාට පස්සේ සේවයයි ගැන අධ්‍යනය කරන්න. අදහා ගතනොහැකි වෙනසකි! කාර්‍යක්ෂම හා ඉතා උසස් ගුණාත්මයෙන් යුතු සේවයකි.