(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනතාවගේ එදිනෙදා කටයුතු වලට සම්බන්ධ කාර්යයන් අත්‍යවශ්‍ය සේවා වශයෙන් දීර්ඝ කාලීනව ප්‍රකාශයට පත් කිරීමටත් ඊට ආදාල නිලධාරීන්ට කිසිම ආකාරයකට වැඩවර්ජනයකට සහභාගී වෙමින් ජන ජීවිතවලට බලපෑමක් ඇති කිරීමට නොහැකි වන ආකාරයට කඩිනම් නීති සම්පාදනය කළ යුතු යැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මධුර විතානගේ මහතා පාර්ලිමේන්තුව කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කළේය.
සුළු පිරිසක් විසින් වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් සිදු කරන වැඩ වර්ජන හේතුවෙන් බහුතරයකගේ දෛනික ජීවිතයට වන බලපෑම් වන නිසා මෙම යෝජනාව ඉදිරිපත් කරන බවද මන්ත්‍රීවරයා කීය.
නිලධාරීන්ගේ වෘත්තීය ගැටලු ඇතිවන ඇති වන අවස්ථාවක ඒවා විසඳීමට පිළිගත් ක්‍රමවේදයක් ද ඇතුළත් කරමින් මෙම නීති සම්පාදනය කළ යුතු බව ද මධුර විතානගේ මහතා සඳහන් කළේය. අත්‍යවශ්‍ය සේවා සපයන අංශයන්හි දිගින් දිගටම සිදු කරන වැඩ වර්ජන හේතුවෙන් එදිනෙදා ජන ජීවිත වලට විශාල බලපෑමක් සිදුවන අතර ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් ද වන බව මධුර විතානගේ මහතා යෝජනාව ඉදිරිපත් කරමින් කීය.
බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සුදර්ශන දෙනිපිටිය මහතා එම යෝජනාව ස්ථිර කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම වැඩක්... ඇත්තටම පොඩි ප්‍රමාණයක් නිසා විශාල පිරිසක් දුක් විඳිනවා.
හොඳ දෙයක්.කුලියට වැඩ කරන යූනියන් කාරයින්ව කල යුතු දෙයක්
කළ යුතුම වැඩක්. නැත්නම් කිසිම රජයකට රට කරන්න බෑ . තක්කඩි රැළ පාරෙම තමයි. අර අන්තරේ ඉන්න වැදි රැළත් නවත්වන්න ඕන. ළමයෙකුට ඉගෙනගන්න දෙන්නෙ නෑ.
නියමයි වැඩේ කරන්න.
පාර්ලිමේන්තුවේ ඉන්න එකසිය ගණනක් මන්ත්‍රීලා නිසා, මිලියන ගණනක් ජනතාව දුක් විඳින බවත් කියන්න.
පෞද්ගලික ආයතනය තුල ඇතිවෙන වෘත්තීය කාරණා පිළිඹඳව පමණක් වර්ජනය කිරීමට ඉඩ දෙන්න. 1956 වෘත්තීය සමීති පිහිටුවන්න ඉඩ දුන්නේ එකල පවුද්ගලික කොම්පැනි සේවකයින්ට කල අසාධාරණ දැකලා. රජයයේ දෙපාර්තමේන්තු වල ප්‍රධානීන්ගේ හිතුවක්කාර වැඩ වලට සේවකයින් ප්‍රතිචාර දක්වන්න තිබෙන අන්තිම තුරුම්පුව වර්ජනය. ඒ හැර රජයේ ප්‍රතිපත්ති වලට විරුද්දව වර්ජනය කරන්න ඉඩ දෙන්න එපා. වර්ජනය නිසා රජයට කෙලින්ම බලපෑම් කරන්න පුළුවන් වෘතියන් විතරයි වර්ජනවලට යන්නේ. බුද්ධසාසන අමාත්‍යයංශයේ ඇති ආයතනයක් වර්ජනය කර රජයට බලපෑම් කරන්න බැහැ. රජයේ සේවක වර්ජන නිසා රටේම ජනතාව අමාරුවේ වැටෙනවා නම් ඒ සේවා අත්‍යවශ්‍ය සේවා කරන්න. එවිට ඒ සේවයට බැඳෙන මිනිස්සු දන්නවා මේ සේවයේ වර්ජන තර්ජන බැහැ කියලා.
නොපමාව කරන්න ඕන වැඩක් ඒ වගේම එම ආයතන සදහා බදවා ගැනීමේදී ඒවායේ පත්වීම් ලිපියේ පවා අත්‍යාවශ්‍ය සේවයක් බව ඇතුළත් කරන්න ඕන එසේම එහෙම අත්‍යාවශ්‍ය ආයතන ඇතුලේ දේශපාලන පක්ෂ වලට සම්බන්ධ වෘත්තීය සමිති ඇතිවීම වැලැක්වීම සදහාත් නීති සැකසීම කරන්න ඕන
වර්ජන තහනම් කරනවාට වඩා රැල්ලට අහුවෙලා ගහගෙන ආපු පොල් කොම්බ මන්ත්‍රී වඳුරු විතාන පන්නලා දැම්මනම් ජනතාවගේ හිත් වලට මහත් සහනයක් ලැබෙනවා අනිවාර්යයි
ඉතාමත්ම කාලෝචිත යෝජනාවක්. රටේ තත්වය යහපත් වූ පසු නැවත සලකා බැලිය හැක.
ගර්ජන වර්ජන උද්ගෝෂණ කැරලි රටතුල පරිස්සමට පැවතියත් ඉස්සඉස්සෙල්ලම ජාත්‍යන්තර මානව හිමිකම් ගියේ කාගේ ලොක්කාද ?
බලේ ලබාගන්න ඕනෑම ජඩ වැඩක් කරනා එවුන් තමා ඕවායේ පිටිපස්සේ ඉන්නේ .බොරුද කියලා ලොක්කාගෙන්ම අහගනින්කෝ .එයා ඕවා හොඳට දන්නවා
තමන්ගේ වැඩේ හරියට කරපන් .එතකොට ඔක්කොම වැඩ වර්ජන වෙන්න විදිහක් නෑ
ඔය ගමන්ම මැතිවරන පැවැත්වීම තහනම් කරන නීතියත් ගේවනම්.