IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වයස 13 සාපෙළ ජයගත් සනහස් 15 උසස් පෙළ ජය ගනී

(තිලකරත්න දිසානායක)

වයස අවුරුදු 15 ක දරුවකු පසුගිය අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිට බී සාමාර්ථ තුනක් ලබා සමත්ව ඇත.

කඩවත ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක 9 වෙනි ශ්‍රේණියෙහි දැනට ඉගෙනුම ලබන දෙවුම් සනහස් රණසිංහ නමැති මෙම දරුවා 8 වෙනි ශ්‍රේණියේදී අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිට ඒ සාමාර්ථ - 6 ක්, බී සාමාර්ථ - 2 ක් සහ සී සාමාර්ථ - 1 වශයෙන් ලබා ඇත.

පහ වසර ශිෂ්‍යත්වයෙන් ලකුණු 173 ක් ලබා ගැනීමට සමත්ව ඇති සනහස්  සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඇත්තේ වයස අවුරුදු 13 දීය.

ක්‍රිකට් ක්‍රීඩාවට දැඩි කැමැත්තක් ඇති සනහස්  අනාගත අපේක්ෂාව නීති ක්ෂේත්‍රයට බව ඔහු පැවසීය.

දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමහලා   වන සනහස්   මව සහ පියා ඔහු අධ්‍යාපනය ලබන විදුහලෙහි ගුරු භවතුන් ලෙස සේවය කරති.

සනහස්  රාජ්‍ය විශ්ව විද්‍යාලයකට හෝ පෞද්ගලික විශ්ව විද්‍යාලයකට ඇතුලත් කිරීමට සාකච්ඡා කරන බව මව වන මල්කා රණසිංහ මහත්මිය සදහන් කළාය.



අදහස් (6)

වයස 13 සාපෙළ ජයගත් සනහස් 15 උසස් පෙළ ජය ගනී

චින්තක Tuesday, 30 August 2022 05:43 AM

රාජ්‍ය විශ්ව විද්‍යාලයක නම් විවිධ ප්‍රශ්න මතුකර ඉඩක් නොදෙන්න හොඳටම ඉඩ තියෙනවා. බලන්න මෙම දරුවා කොපමණ දක්ෂ දරුවෙක්ද කියලා.. මෙහෙම අයට ලංකාවේ කිසිම ඉඩක් නැහැ. ඒ නිසා හැකියාව ඇති දරුවන්ට වයස නොබලා විභාගයට ඉදිරිපත් වෙන්න ඉඩකඩ සලසන්න ඕනෑ... මේ පුද්ගලික පාසල්වල තත්වය... මෙම පුතණුවන් ආචාර්ය හෝ මහාචාර්ය වෙනතුරු රජයේ විද්‍යාල වලින් පිටවෙන දරුවන්ට සාමාන්‍ය උපාධියවත් ගන්න බැහැ. මේ දරුවාට සකල සෞභාග්‍යය උදාවේවා...!

:       0       0

Bamunuarachchi Tuesday, 30 August 2022 10:27 AM

මගේ අදහස නම් පිටරට පෞද්ගලික විශ්ව විද්‍යාලයකට ඇතුලත් කිරීමයි. මොකද ඉහල ඉංග්‍රීසි දැනුමක් ලැබෙනවා. පිටරට යන බලාපොරොත්තුවක් තිබෙනවානම් PR ගැනීමේදී පිටරට පෞද්ගලික විශ්ව විද්‍යාලයක සහතිපත් වලට ඇති සැලකිල්ල වැඩී.

:       0       0

ganegoda Tuesday, 30 August 2022 11:24 AM

අති විශිෂ්ඨයි... සුබ අනාගතයක්...?

:       0       0

Kanthi Tuesday, 30 August 2022 12:42 PM

අතිවිශිෂ්ටයි, සතුටුයි දරුවෝ..!

:       0       0

දිමුත් Tuesday, 30 August 2022 01:12 PM

තෙරුවන් සරණයි!

:       0       0

Muditha Tuesday, 30 August 2022 02:13 PM

රජයේ පාසල් සිසුන්ට මෙය කළ නොහැක. උසස් පෙළ පෞද්ගලිකව අයදුම් කිරීමට ඔවුන් පාසල් හැර යාමේ සහතිකය ඉදිරිපත් කළ යුතුය. නිදහස් අධ්‍යාපනයේ පාර වැහිලා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 414 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site