(ඩයනා උදයංගනී)
            
අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදී අමාත්‍යාංශ දෙකකට අදාළ වැය ශීර්ෂ පරාජය වූයේ ආණ්ඩුවේ වරදින් බවත්, එම පරාජයේ ප‍්‍රතිඵලවල වගකීම විපක්‍ෂය හෝ වෙනත් අය පිට දැමීම වරදක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
            
රජයේ සේවකයින්ට වැටුප් ගෙවීම ආණ්ඩුවේ වගකීමක් බව කී ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා වැය ශීර්ෂ පරාජයවීම නිසා වැටුප් ගෙවීමට නොහැකි බව කියන්නේ නම් එය ආණ්ඩුවේ නොහැකියාවක් බව ද සඳහන් කළේය.
            
එම වැය ශීර්ෂ පරාජය කරගත්තේ ඔවුන්ම බව කී මන්ත‍්‍රීවරයා මෙයට ඡන්දය දීම සඳහා මන්ත‍්‍රීවරුන් 50 දෙනෙකු ගෙන්වා ගැනීමට නොහැකිවීම ගැන පාර්ලිමේන්තුවේ සභානායකවරයා ඇතුළු ආණ්ඩු පක්‍ෂය වගකිව යුතු බව ද කීවේය.
            
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව පැවසුවේ එම පක්‍ෂ මූලස්ථානයේදී අද (02) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි. 
            
මෙම මාධ්‍ය හමුවට සහභාගී වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසුවේ වැය ශීර්ෂ දෙකක් පරාජයවීමෙන් එක්සත් ජාතික පක්‍ෂයේ අර්බුදයක් පවතින බව තහවුරු වී ඇති බවයි.
            
වැය ශීර්ෂ පැරදවූ බව එම පක්‍ෂයේම මන්ත‍්‍රීවරුන් ප‍්‍රකාශ කළ බව ද දයාසිරි ජයසේකර මහතා කීවේය.
            
ඒ හේතුවෙන් වැටුප් ගෙවීමේ හැකියාවක් නැතිනම් එහි වගකීම ආණ්ඩුව සහ අදාළ ඇමතිවරයා භාරගත යුතු බවද දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1766										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1766										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1451										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1451										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
‘වැයශීර්ෂ පරාද වුණේ ආණ්ඩුවේ වරදින්’