(සුජිත් හේවාජුලිගේ )

ව්‍යවස්ථාදායක සභාවේ නියෝජිතයන් සිවු දෙනෙකු පත් කිරීමේදී  ඇතිවී තිබෙන ගැටලුකාරී සහ  මතභේදාත්මක  තත්වය හේතුවෙන් එම සභාව මෙන්ම ඒ  සභාවෙන් කෙරෙන ස්වාධීන කොමිෂන්  සභා පත් කිරීමද තවදුරටත් ප්‍රමාද වන  ලකුණු පහළව ඇතැයි   පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

ව්‍යවස්ථාදායක සභාව පත් කෙරෙන්නේ පාර්ලිමේන්තුවේදී සම්මතවූ විසි එක් වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුවය. විසි එක් වෙනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී සම්මත වූයේ පසුගිය ඔක්තෝබර් මස විසි එක් වෙනිදාය. ඒ අනුව එම පනත සම්මතවී මාස 2 කට වැඩි කාලයක් ගතවී ඇත්තේය.