(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු අනෙකුත් ස්වාධීන කොමිෂන් සභා හතර සඳහා නව සාමාජිකයන් ඉදිරි දින කිහිපයේදී පත්කර අවසන් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව බලාපොරොත්තුවෙන් සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්වලින් පැවසේ.
මේ සම්බන්ධයෙන් අවසාන තීරණය ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට ( 9) දහවල් 12.00 ට පැවැත්වීමට නියමිතය.
කොමිෂන් සභා පත් කිරීම සම්බන්ධයෙන් අප කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු සෙසු කොමිෂන් සභා පත් කිරීම ප්‍රමාද කිරීම නිශ්ඵල ක්‍රියාවක් බවයි.
එම කොමිෂන් සභා හැකි ඉක්මනින් පත්කර අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කළේය.
ස්වාධීන කොමිෂන් සභා පහක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් දැනටමත් පත් කරනු ලැබ ඇත.
පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවා ඇති අවස්ථාවක මැතිවරණ කොමිෂන් සභාවට නව සාමාජිකයන් පත් කිරීම සුදුසු නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආන්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභා රැස්වීම්වලදී දිගින් දිගටම කරුණු පෙන්වා දී තිබිණ. එහෙත් මැතිවරණය කල් ගොස් ඇති අවස්ථාවක මැතිවරණ කොමිෂන් සභාව සඳහා නව සාමාජිකයන් පත් කිරීමට කිසිදු බාධාවක් ඇති නොවන බව කතානායකවරයා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
509
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1057
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ව්‍යවස්ථා සභාව හෙට රැස්වෙයි
Hafeel Monday, 08 May 2023 02:14 PM
ඡන්ද තියන්නේ නැත්නම්, මොනවටද මැතිවරණ කොමිෂන් සභාවක්...?
sweneTuesday, 09 May 2023 06:32 AM
commission එක නැති වුනොත්, මැතිවරණ කල් දමිම සඳහා ආණ්ඩුවට ඕන විධියට හේතු ඉදිරිපත් කරන්නෙ කවුද ?