IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වයඹ සිසුවියෝ අයිස් ගසති?

(පුෂ්පකුමාර ජයරත්න)

වයඹ පළාතේ පාසල්වල ඉගෙනුම ලබන සිසුවියන් විශාල පිරිසක් මේවනවිට අයිස් ඇතුළු විවිධ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බව මේවනවිට අනාවරණයවී තිබේ.

ප්‍රධාන පෙළේ විදුහල් රැසක ඉගෙනුම ලබන සිසුවියන් වැඩි පිරිසක් මෙසේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බවට තොරතුරු ලැබී තිබෙන අතර, අට වසරෙන් ඉහළ ශ්‍රේණිවල අධ්‍යාපනය ලබන සිසුවියන් මේ ආකාරයට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බව තහවුරු වී තිබේ.

වයඹ පළාතට අයත් ප්‍රධාන නගරවල පිහිටි ප්‍රධාන යැයි සම්මත පාසල්වල සිසුවියන් මේ ආකාරයට මත්ද්‍රව්‍ය සඳහා යොමුවී තිබෙන අතර ඔවුන්ගේ පෙම්වතුන්ගේ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මාර්ගයෙන් ඔවුනට මත්ද්‍රව්‍ය ලැබෙන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

කලකට පෙර පාසල් සිසුන් අතරේ ඉතා ජනප්‍රියව පැවති දිව යට තබා ගැනීමෙන් මත් වන තූල් නමැති මත්ද්‍රව්‍ය මේවනවිට සිසුවියන් අතර බහුලව පැතිරී තිබෙන බවද , බොහෝ විට පාසල් වේලාව තුළ වැසිකිළියට ගොස් ඔවුන් ඒවා භාවිතා කරන බවද හෙළිවී තිබේ.

එසේම සති අන්තයේ ප්‍රධාන නගරවල පැවැත්වෙන පෞද්ගලික උපකාරක පන්තිවලට සහභාගි වන මුවාවෙන් පැමිණන් සිසුවියන් තම පෙම්වතුන් සහ හිතවතුන් හිතවතියන් සමඟ එක්ව මෙම මත්ද්‍රව්‍ය පානයට පෙළඹී සිටින බවද මේවනවිට අනාවරණය කරගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කුරුණෑගල ප්‍රදේශයේ පාසලක නම සඳහන් කිරීමට අකැමැතිවූ විදුහල්පතිවරයෙකු කියා සිටියේ මෙය ඉතා බරපතළ ප්‍රශ්නයක් බැවින් මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා බලධාරීන් ඉක්මණින් පියවරක් ගත යුතු බවය.

එසේ නොවුනහොත් රටේ සමස්ත පාසල් පද්ධතියම සහ රටේ අනාගතය බාර ගැනීමට සිටින තරුණ පරපුර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමෙන් විනාශයට පත් වීම වැළැක්විය නොහැකි බවද ඔහු අවධාරණය කළේය.පාසල් වල පවතින මෙම තත්ත්වය මර්ධනය කිරීම සඳහා ආරක්ෂක අංශ වලට සම්බන්ධ බුද්ධි අංශ නිලධාරීන් යෙදවීමේ කාලය එළඹ ඇති බවද ඔමු පෙන්වා දුන්නේය.

මේ පිළිබඳව කළ විමසීමකදී වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් රජිතා රත්නායක මහත්මිය ප්‍රකාශ කළේ මෙය ඉතා බරපතළ තත්ත්වයක් වන බැවින් ඒ සම්බන්ධයෙන් රජයේ වගකිව යුතු අංශ දැනුවත් කිරීමට ඉතා ඉක්මණින් පියවර ගන්නා බවය. මෙවැනිම වාතාවරණයක් පිළිබඳව හලාවත ප්‍රදේශයේ විදුහල්පතිවරුන් විසින් කළ පැමිණිලි සැලකිල්ලට ගෙන එම ප්‍රදේශයේ පාසල් සඳහා දැඩි ක්‍රියා පිළිවෙතක් අනුගමනය කිරීමට උපදෙස් ලබා දුන් බවද ලේකම්වරිය සඳහන් කළාය.



අදහස් (4)

වයඹ සිසුවියෝ අයිස් ගසති?

යෝගා Sunday, 13 November 2022 12:29 PM

ඉස්සරහට වයඹින් මගුල් තුලාවක් එහෙම කරන්න බලාපොරොත්තු වෙනවා නම් දෙතුන් පාරක් හිතන්න වෙයි.

:       3       27

Prase Sunday, 13 November 2022 12:59 PM

අපේ රටේ පාසල් මේ විදිහට විනාශ වෙන්න ගුරුවරියන් අසීමිත විදිහට බඳවා ගැනීම... අනිවාර්යයෙන් ගුරුවරු 75% ක් බඳවාගත යුතුමයි.. ගුරුවරියන්ට ළමයි පාලනය කරන්න බැ. ඔවුන් ළමයි එක්ක හැසිරෙන්නේ යාළුවන් වගේ...

:       41       23

ganegoda Sunday, 13 November 2022 03:04 PM

රජරට පොලීසියට පාලනය කරන් අපහසු දේවල් කොහොම ගුරුවරුන් පාලනය කරන්නේ. පාලනය කරන්න ඕන මත්ද්‍රව්‍ය අපේ රටට එන විදිය.

:       0       6

de silva Sunday, 13 November 2022 09:19 PM

රටේ ආර්ථික අවපීඩන කෙලින්ම මිනිස්සුන්ට මානසිකව බලපාලා.රැකී රක්ෂාවක් නොමැතිව නිකරුනේ කාලය ගත කරන්න මිනිස්සු අයිස් වැනි දේවල් වලට පුරුදු වෙලා.මේක ළමයින්ට පමණක් බලපාන දෙයක් නොවේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site