(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා හා පුත්තලම නියෝජ්‍ය පොලිස්පති, පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, ආණමඩුව පොලිස් අධිකාරි හා ආණමඩුව පොලිස්ථානාධිපති ඇතුළු පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස්පතිවරයා පොලිස් කේෂත්‍ර බළකා මුලස්ථානයට මාරු විම ලබා දී ඇති බව කියයි.
මෙසේ වහාම ක්‍රියාත්මක වන පරිදි හදිසි මරුවක් ලැබ ඇත්තේ වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එල්.එස්.පතිනායක,පුත්තලම නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වයි.එම්.සෙනවිරත්න,පුත්තල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පුෂ්පකුමාර, ආණමඩුව පොලිස් අධිකාරි එච්.එම්.සි.පි. හේරත්, හා ආණමඩුව පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නිලන්ත ආර් බංඩාර නැමති පොලිස් නිළධාරින්ට බව කියයි.
අදාල හදිසි මාරුව පොලිස්පතිවරයා විසින් 28 දින රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරමින් අදාල නියෝගය නිකුත් කර තිබේ.
මේ ආකාරයට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ඇතුලු ඉහළ නිළධාරින් පිරිසකට එකවර වහාම ක්‍රියාත්මක වන ආකාරයට මාරු විම ලැබු පළමු අවස්ථාව මෙය බව කියයි.
කෙසේ වෙතත් පොලිස් ආරංචි මාර්ගවලින් පැවසෙන්නේ මෙම මාරු විම සදහා මුල්ව ඇත්තේ පසුගිය 22 දි නවගත්තේගම පොලිස්ථානයෙ පොලිස් කොස්තාපල්වරයකුට ආණමඩුව ආලංකුලම ප්‍රදේශයෙදි පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරින් පිරිසක පහර දිමේ සිද්දිය සමතයකට පත් නොකර අධිකරණය දක්වා යාමේ සිද්දිය මුල් කරගනිමින් බව කියයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
වයඹ පොලිස් ලොක්කන්ට මාරුවක්
Dayan Wednesday, 29 March 2023 01:00 PM
ඒ කියන්නේ නීතියේ ආධිපත්‍යය පොලිසියට අදාළ නෑ කියන එකද