IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ව්‍යාපාරිකයාගේ මල්ල කොල්ලෑ අරගල ක්‍රියාකාරු මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සල්ලි බෑගයක් යැයි සිතා ව්‍යාපාරිකයකුගේ ගෙල මිරිකා  බෑගයක් කොල්ලකෑ අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයකු ඇතුළු තිදෙනකු බොරලැස්ගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය කියයි.

එම සැකකරු හිටපු හමුදා සෙබළකු බව පොලිසිය කියයි. එහි මුදල් නොතිබී ඇති අතර වෙනත් භාණ්ඩ වගයක් තිබූ බව පොලිසිය පවසයි.

සැකකරුවන් සමග කොල්ල කන ලද භාණ්ඩ අඩංගු බෑගය සහ කොල්ලකෑමට පැමිණි යතුරු පැදියද පොලිසිය මඟින් සොයාගෙන ඇත.

රාත්‍රී කාලයට පමණක් විවෘත කර තිබෙන පැපිලියාන ප්‍රදේශයේ සිල්ලර වෙළඳ සැලක හිමිකරු වෙළඳසල වසා බස් රථයක් පැමිණෙන තුරු  වෙළඳසැල ඉදිරිපිට රැඳී සිටියදී කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්ව තිබූ බව පොලිසිය කියයි.

යතුරු පැදියෙන් පැමිණි කොල්ලකරුවන් තිදෙනාගෙන් දෙදෙනකු යතුරුපැදියෙන් බැස පැමිණ බස් රථයක් බලාපොරොත්තුව රැඳී සිටින පුද්ගලයන් දෙදෙනකු ලෙස ව්‍යාපාරිකයා ආසන්නයට පැමිණ මද වේලාවක දී ව්‍යාපාරිකයා වෙත කඩාපැන ඔහු අත දරා සිටි බෑගය කොල්ල කා යතුරු පැදියේ නැගී පලාගොස් තිබිණි.

අදාල කොල්ලය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් සැකකරුවන් තිදෙනා බොරලැස්ගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

කොල්ලයේ ප්‍රධාන සැකකරු වන හිටපු හමුදා සෙබලා වන අරගල ක්‍රියාකාරිකයා ජනාධිපති මන්දිරයට, ජනාධිපති ලේකම් කාර්යාලයට, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතාගේ තලංගම නිවසට පහර දීම හා මොරටුව නගරාධිපතිවරයාගේ නිවසට පහර දී ගිනි තැබීමට සම්බන්ධ පුද්ගලයකු බවත් පොලිස් නිලධාරීන් ඔහුගේ නිවස සෝදිසි කිරීමට ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් හැසිරී එය වීඩියෝ දර්ශනය කර සමාජ මාධ්‍ය ජාලාවලට මුදාහැරි පුද්ගලයා බවත් පොලිසිය සඳහන් කරයි.

 



අදහස් (7)

ව්‍යාපාරිකයාගේ මල්ල කොල්ලෑ අරගල ක්‍රියාකාරු මාට්ටු

sharm warn Tuesday, 20 September 2022 05:39 PM

අරගල ක්‍රියාකරකියා... අර මංකොල්ලා කෑව පොලිස්කාරයෝ ගැන මෙච්චර උනන්දුවෙන් ලියන්නේ නැහැ නේ. ඇයි දන්නේ නැහැ නේ.

:       3       8

amali - colombo 3 Tuesday, 20 September 2022 06:15 PM

රනිල් රාජපක්ෂගේ බත්බැල පොලිසිය හදපු අවලස්සන කතාවක්...!!! උසාවියේදී මෙය බොරුවක් බව අපි සාක්ෂි ඇතිවම ඔප්පු කරනවා.

:       7       6

යෝගා Tuesday, 20 September 2022 06:24 PM

තව කොහෙද අරගලකාරයන්ට පාලන බලය ගියා නම් එහෙම..?

:       0       0

Sujeewa Tuesday, 20 September 2022 08:06 PM

එළ කිරි. අනේ අහිංසක නිර්පාක්ෂික අරගල උත්තමයන්ට නඩු දාන්න එපා. අපේ නීතිඥ සංගමය ඔවැනි අහිංසකියින් වෙනුවෙන් නොමිලේ සහාය දෙනවා. ඉතින් පොලීසිය පරාදයිනේ.

:       8       8

Lelwala Tuesday, 20 September 2022 08:33 PM

ඕක තමා අරගලයේ ජාතිකත්වය, නියම සුරැපය දිනෙන් දින මතුවෙනව හොරකම, ගිනි තැබිම් , මංකොල්ල කෑම් මිනිමරැම්.

:       3       8

[email protected] Wednesday, 21 September 2022 06:55 AM

රට කොල්ල කෑමට අරගල කාරයෝ පුහුණුවක් ලබලා.

:       3       8

සෙනෙවිරත්න Wednesday, 21 September 2022 08:00 AM

පේනව නේද අරගලය මුවාවෙන් සමහරු කරපු දේවල්, මේකට අරගලයට දොස් කියන්න එපා, අරගලයේ අරමුණ මේව නෙවෙයි .අරගලයට කවුරුවත් සම්මුඛ පරීක්ෂණ කරල නෙවෙයි ගත්තෙ, සම්මුඛ පරීක්ෂණ කරල නොමිනේෂන් දීල පත්කරපු මන්ත්‍රීල මනීමරන රටක්, අරගලයට ජවවෙවා,

:       6       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site