IMG-LOGO

2024 මැයි මස 03 වන සිකුරාදා


ව්‍යාපාරික යුවළක් පැවිදි වෙන්න කෝටි 700ක් දන් දෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ඉන්දියාවේ ගුජරාත්‍ ප්‍රාන්තයේ ව්‍යාපාරික යුවළක් වන භාවේෂ් භාණ්ඩාරි සහ ඔහුගේ බිරිඳ පැවිදි දිවියට එළඹීම සඳහා ඉන්දීය රුපියල් කෝටි දෙසීයක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 700 ක් පමණ) පමණ දේපළ දන් දී තිබේ.

ආධ්‍යාත්මික සුවය ලබා ගැනීමේ අරමුණින් භණ්ඩාරි යුවල ඔවුන්ගේ සියලු දේපල පසුගිය පෙබරවාරි මාසයේදී අත්හැර ඇත.

මෙම මස අගදී පැවැත්වෙන උත්සවයකදී භණ්ඩාරි යුවල පැවිදි දිවියට එළඹීමට නියමිතය.

වසර කිහිපයකට පෙර භණ්ඩාරි යුවලගේ පුතා සහ දියණියද පැවිදි දිවියට එළැඹ තිබිණි.



අදහස් (28)

ව්‍යාපාරික යුවළක් පැවිදි වෙන්න කෝටි 700ක් දන් දෙයි

බද්රානි Monday, 15 April 2024 07:19 PM

ලංකාවේ පැවිද්දෝ කෝටි ගණන් උපයන්න උත්සාහ කරනවා... ඉන්දියාවේ අය පැවදි වෙන්න කෝටි ගණන් දන් දෙනවා... වෙනස මාරයි නේද? ඔය මුදලට කොච්චර කෙල හලනවා ඇත්ද මෙහෙ අය?

:       1       15

Supun Monday, 15 April 2024 08:24 PM

එහෙම උතුම් මිනිස්සුත් ඉන්නවා.

:       0       4

Malabe Monday, 15 April 2024 09:03 PM

ඔවුන් ජෛන ආගමේ මහණ වෙන්නයි ගිහිල්ලා තිබෙන්නේ...!

:       1       2

පැරකුම් Monday, 15 April 2024 10:19 PM

පැවිද්ද කුමන ආගමේදැයි පැහැදිලි නැත .

:       0       3

SUNIL MILANO Tuesday, 16 April 2024 01:16 AM

සාදු සාදු සාදු

:       1       4

සකලබුජං Tuesday, 16 April 2024 07:23 AM

ලංකාවේ අය නම් කරන්නෙ පැවිදි වෙලා සල්ලි හොයන එකයි

:       7       59

Nalaka Tuesday, 16 April 2024 11:54 AM

මට ගෙයක් නැහැ .ඔබ මට ලක්ෂ 25ක් දුන්නොත් මට නිවසක් ගන්න පුළුවන් .

:       30       12

Ruwan Wednesday, 17 April 2024 02:24 AM

ඒව දීලා ඉවරයි.

:       1       4

පැතුම් සමීර Tuesday, 16 April 2024 01:29 PM

තෙරුවන් සරණයි

:       3       25

KumaraTuesday, 16 April 2024 09:52 PM

මේ අය ජෛන ආගමේ කියලා දන්නවද​?

:       0       5

Sumith Thursday, 18 April 2024 01:55 PM

අති අවිහිංසාවාදී ධර්මයක්

:       1       2

Rohana ( Melbourne. Australia) Tuesday, 16 April 2024 03:04 PM

අහන්නත් සතුටුයි. සියලු දුකින් මිදී අමාමහ නිවන් සුව වහ වහාම අවබෝධ වේවා.

:       3       38

Kamani perera Tuesday, 16 April 2024 03:17 PM

උතුම් නිර්වානය අවබෝධ වේවා

:       4       34

KumaraTuesday, 16 April 2024 09:53 PM

මේ අය ජෛන ආගමේ කියලා කමනී දන්නවද​?

:       0       5

K.A.H.G. Abeywardana Tuesday, 16 April 2024 05:11 PM

ඔබේ සියලු බලාපොරොත්තු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මටත් ඕන වුණා. නමුත් පුතාට මේ ණය ගෙවීමට ප්‍රමාණවත් ආදායමක් නැති නිසා පුතාගේ බැංකු ණය ගෙවනකම් මට ඉන්න වෙනවා. කොහොම වුනත් ඔයාලා දෙන්නම ජීවිතේ දිනපු එක ගැන මට ගොඩක් සතුටුයි.

:       1       3

Indika Tuesday, 16 April 2024 07:01 PM

අනේ හොඳයි. අපිත් මේ ගෙවන ජීවිතේ මහා කරුමයක් .සතුට කියලා දුකක්ම තමයි විඳින්නේ

:       1       1

චින්තක Tuesday, 16 April 2024 07:05 PM

ඔවුන් පැවිදි වෙනවා කියන්නෙ හින්දු ආගමේ වෙන්න පුළුවන් .ඔවුන් එතෙක් අදහා තියෙන්නෙ හින්දු දහම කියලා අහන්න ලැබුනා

:       0       0

J,S, wanigasekara Tuesday, 16 April 2024 08:07 PM

ඒකනම් කියලා වැඩක් නෑ බහු භාණ්ඩික එකතු කර කර විකුණල කරන වැඩ? පැවිදි වෙන පොඩි සාමනේර හිමිවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට දෙමව්පියන්ගේ හා දායක දායිකාවන් ගේ වගකීමක් කරගන්න ,එතකොට බුදුසසුන බැබලේවා !!!

:       2       1

Jala Tuesday, 16 April 2024 09:29 PM

අපේ අය සල්ලිවලට මිත්‍යා දෘෂ්ඨිකයන් පස්සේ දුවනවා... මේ තරම් වටිනා දහමක් අතහැරලා උතුම් බුදුදහම් මගෙහි යන ඔබලාට තෙරුවන් සරණයි...!

:       2       4

Mahe Wednesday, 17 April 2024 02:00 AM

අපේ රටේ සිව්රැ දා ගත් මුදලාලිලා මේ අයව ආදර්ශයට ගනිත්වා.

:       1       6

K nisansala Wednesday, 17 April 2024 03:21 AM

මට ලක්ෂ 50 ක් දින්නානම් මගේ ණය බේරගන්නවනේ

:       4       1

තුෂාරිකා Wednesday, 17 April 2024 06:47 AM

අනන්ත සතුටුයි අවබොද. පිනිස. උතුමිවු. නිර්වාණ සම්පත්තිය. ලැබේ වා.

:       0       2

Sugath kahawaththa Wednesday, 17 April 2024 09:24 AM

ඔබ දෙපලට සහ ඔබගේ දරුවන් දෙදෙනාට අමා මහ නිර්වාන සුවය ලැබෙිවා....තෙරුවන් සරනයි.

:       0       4

Rasika udara Wednesday, 17 April 2024 09:31 AM

මට උදව් කරන්න

:       4       2

Nadeeka Wednesday, 17 April 2024 09:39 AM

මට ඉන්න තැනක් නැහැ පුළුවන් නම් මට නිවසක් ලබා දෙනවා නම් ලොකු පිනක්,අපි නිවාසාධීකාරියට කොච්චර ලියුම් දැම්මත් කිසි උත්තරයක් ලැබුනේ නැහැ මට පුළුවන් නම් උදව්වක් කරන්න

:       7       1

Mallika Saturday, 20 April 2024 08:10 AM

අනේ මට මගේ දරුවන් දෙන්නා තියන් ජීවත් වෙන්න පැලක් හදලා දෙන්න... බුදු සරණයි ඔය දෙපළට...

:       1       0

බද්රානි Tuesday, 23 April 2024 03:25 PM

මම මුලින්ම කිව්වා නේද මේ මුදලට ලංකාවේ වෙවුන් කී දෙනෙක් නම් කෙල හලනවද කියලා... දාලා තියන කොමෙන්ට්ස් වලින් ඒක පැහැදිලියි නේද..? කාලකන්නි වගේ ජීවත් වෙලා එක එකාගෙන් හිඟා කන්න උඹලට ලජ්ජා නැද්ද...? දැන් මේ රටේ පිම්පි පින්ගුත්තරයෝ කරන්නේ, දුප්පත් පවුල් වල දරුවන්ව පෙන්වලා මුදල් ගරන එකයි...මේ අමනයින්ගේ රස්සාව තමයි ඒක ... මම නම් මේ වගේ තක්කඩි අමනයින්ට එක රුපියලක් දෙන්නේ නැහැ... සමහර එවුන් පුළුවන් තරම් දරුවෝ හදාගෙන අපෙන් හිඟා කනවා පව් ඒ දරුවෝ.....ඇත්තටම ලජ්ජා නැද්ද උඹලට..?

:       0       5

Supun Tuesday, 23 April 2024 07:00 PM

මෝඩ කලියුගයේ මිනිසුනේ, මෙතැන උදව් ඉල්ලලා කෑගැහුවාට වැඩක් නෑ. ඒ යුවලට ඔබේ පණිවුඩ ලැබෙන්නේ නෑ.

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

කැලිප්සෝ දුම්රියට ලොකු ඉල්ලුමක්
2024 මැයි මස 03 43 0

දුම්රිය බදුල්ල දක්වා ධාවනය ආරම්භකර වසරක් සපිරීම නිමිත්තෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ආරම්භකළ කැලිප්සෝ සංචාරක දුම්රියේ කැලිප්සෝ සංගීතය සහ ආපන


ලිට්‍රෝ ගෑස් මිල පහළට
2024 මැයි මස 03 188 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 175 කින් අඩු කිරීමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (3) පෙරවරුවේ නි


සාපෙළ අපේක්ෂකයන්ට හැදුනුම්පත් කාර්යාල හෙට විවෘතයි
2024 මැයි මස 03 88 0

අපොස සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පමණක් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය,ගාල්ල, කුරුණෑගල වවුනියාව මඩකලපුව හා නු


අයිස් එක්ක ‘හොරා-පොලිස්‘කළ කතුන් දෙන්නෙක් මාට්ටු
2024 මැයි මස 03 507 0

සංවිධානාත්මක අපරාධකරුවකු වන කොස්ගොඩ තාරක නැමැත්තාගේ අනියම් බිරිඳ බව කියන කාන්තාවක සහ හිටපු පොලිස් කොස්තාපල්වරියක අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්


මා - පිය වලියට දැරිය දිවි පුදයි
2024 මැයි මස 03 1044 1

මාස දෙක හමාරක් වයසැති බිලිඳියකගේ සිරුරක් කල්පිටිය කන්දකුඩාව ගම්මානයේ නිවසක පිටුපස ළිඳේ පාවෙමින් තිබියදී සොයාගත් බව කල්පිටිය පොලිසිය පවසයි.


මේ වසරේ දෙවන පාසල් වාරය අදින් අවසන්
2024 මැයි මස 03 661 0

2024 වසරේ පාසල් පළමු වාරයේ දෙවැනි අදියර අදින් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 461 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1883 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1679 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site