(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

වේයන්ගොඩ ශාන්ත මරියා ජාතික පාසලේ ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලැබූ සිසු දරු දැරියන් විසි 27 මාස තුනක් වැනි කෙටිකාලයකදී විදේශ රටවල අධ්‍යාපනය සඳහා  පාසලෙන් අස්වී ගොස් ඇතැයි ද ඒ තත්ත්වය රටක් වශයෙන් අහිතකර තත්ත්වයක් යැයි විදුහල්පති බී.ඩී.අයි.කේ. කරුණාරත්න මහතා පවසයි.

විදුහල්පති වරයා මේ බව පැවසුවේ 1985 සිට පුරා වසර 21 ක කාලයක් ශාන්ත මරියා විදුහල වෙනුවෙන් ක්‍රීඩා කටයුතුවල යෙදුණු ආදි සිසුන් ගේ සුහද හමුවේදී අදහස් දක්වමිනි.

ක්‍රීඩාවේ වැදගත්කම අවධාරණය කළ විදුහල්පතිවරයා ගත වූ කාලයේ රටේ උද්ගත වූ තත්ත්වය හමුවේ වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු වෘත්තිකයන් විශාල ප්‍රමාණයක් රට හැර විදේශ පදිංචියට යාම නිසා පළමු ශ්‍රේණියේ සිට පස්වන පස් වන ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලැබූ දරුවන් 27 දෙනකු මෙසේ තම පාසලෙන් අස්වී ගොස් ඇති බව පැවසීය .

මේ තත්වය ඉතාමත් නරක පූර්වාදර්ශයක් වනු ඇති බව ද විදුහල්පති වරයා මෙහිදී සඳහන් කළේය .