
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
වේයන්ගොඩ ප්‍රදේශයේ නිදන් වස්තු ඇතැයි කියන ප්‍රදේශයක කැණීම් කරමින් සිටි සිවුරු දරා ගත් පුද්ගල ඇතුළු සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය කියයි.
සිවුරු දරා ගත් පුද්ගලයා සමග මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සූරිය වැව ඇඹිලිපිටිය මිනුවන්ගොඩ ආණමඩුව සහ වේයන්ගොඩ පදිංචිකරුවන් පිරිසකි.
වේයන්ගොඩ පොලිසියට ලැබුණු තොරතුරක් මත සිදු කළ වැටලීමකදී නිදන් හෑරීමේ යෙදී සිටි මෙම පිරිස ඒ සඳහා උපයෝගී කරගත් දේපළ සමග අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී ඇත.
නිදන් ලබා ගැනීමට සඳහා හාරා ඇති ස්ථානයේ මේ වන විට විශාල ජලාශයක් සේ දිස්වෙන බව පොලිසිය සඳහන් කරයි.
සැකකරුවන් අත්තනගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ස්ථානයේ පරීක්‍ෂණයක් පවත්වා වාර්තාවක් ලබා ගැනීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධරීන් ාරින් කැඳවීමටද පියවර ගෙන තිබේ.
වේයන්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට නොතේරෙන හැටි මෙහෙම වලලන්න වස්තුවක් තිබුනේ නැති වග...