
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
ජපානයේ ටෝකියෝ නුවරදී පසුගියදා පැවති ‘‘සිව් වැනි ලෝක ළමා සාම සමුළුව‘‘ ( 4 th Children's world peace summit 2023 ) ශ්‍රී ලංකාව නියෝජනය කළ වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ ආර්.කශ්මිරා ජයවීර ශිෂ්‍යයාව එම සමුළුවේ දී ‘වඩාත්ම සාමකාමී කථන සම්මාන ලාභියා‘‘( Most Peaceful Speech Award Winner) ලෙස ළමා සාම ත්‍යාග දිනා ගත්තාය.
කශ්මිරා සිසුවිය මෙම සම්මානයට පත්වූයේ ඇමරිකාව, මහා බ්‍රිතාන්‍ය, කෙන්යාව,ප්‍රංශය, පකිස්තානය, නේපාලය , කොංගෝ රාජ්‍ය , ජර්මනිය , ඉන්දියාව , බ්‍රසීලය , ඉන්දුනීසියාව , ඕස්ට්‍රේලියාව යන රටවල අයදුම්කරුවන් අභිබවමින් වීමද විශේෂත්වයකි. ලෝක සාමය වෙනුවෙන් ඇප කැපව සිටින ජපානයේ හිරෝෂිමා ආයතනය මගින් මෙම සමුළුව සංවිධානය කරනු ලැබීය.
මෙම සිසුවිය පාසලේ 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර විද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ ක්‍රියාකාරී සාමාජිකාවක් මෙන්ම නිවේදිකාවක් ද වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටටත්, ඇය ඉගෙනුම ලබන විදුහලටත් කීර්තියක් ගෙනදුන් ආදර්ශමත් දියණියක්. සුබ පැතුම් දුවේ...!
සුභ පැතුම් ආදරනීය දුවට
සුභ පැතුම්
ගුඩ් ලක් පුතේ
මගේ උණුසුම් සුබපැතුම් දියණිය... මෙවැනි ජයග්‍රහණ රැසක් අනාගතයේදී ලබාගැනීමට ඔබට හැකිවේවා...!
රටට ආඩම්බරයක් පුතේ ඔයා...
ඔය අපේ ශ්‍රී ලංකාවට ලොකු ආඩම්බරයක් දුවේ... ඔබට සුබ අනාගතයක්...