
(රංජිත් කරුණාවීර)
මහියංගන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයීය නව ගොඩනැගිල්ල පසුගියදා දේශපාලඥයන්ගේ සහභාගිත්වයෙන් කිසිදු වියදමකින් තොරව මහා සංඝරත්නයේ සෙත් පිරිත් දේශනා මැද ඉතා චාම් අන්දමින් මහියංගණ ප්‍රාදේශිය ලේකම් සංජය ප්‍රසාද් වීරසිංහ මහතාගේ හා ලේකම් කාර්යාලීය නිළධාරීන් ගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි. 2017 වසරේ එම නව ගොඩනැගිල්ල සඳහා වැට් රහිත ඇස්තමේන්තු ගත මුදල මිලියන 140කි.
මහියංගණ නගරයට සමීපව, බදුල්ල මහියංගණ මාර්ගයේ, මහියංගණ මුලික රෝහල, ජාතික පාසල හා කලාප කාර්යාලය ආසන්නව නව ප්‍රාදේශිය ලේකම් කාර්යාල පිහිටා තිබීමද ජනතාව ලැබු පහසුකමකි.
නව දෙමහල් ගොඩනැගිල්ල ඉඩ පහසුකම් වලින් සපිරි , 800 දෙනෙකු වෙනුවෙන් ශ්‍රවණාගාර පහසුකම් සහිත විශාල ශ්‍රවණාගාරයකින් හා පැමිණෙන මහජනතාව වෙනුවෙන් සහ කාර්යාලිය නිළධාරින් වෙනුවෙන් විශාල ඉඩපහසුකම් සහිතව නිමවා තිබීමද සුවිශේෂි වේ.
එදින පෙරවරුවේ ජාතික කොඩිය ඔසවා ජාතික ගීය ගායනා කර කිරි උතුරවාලීමෙන් අනතුරුව කාර්‍යාලයීය නිළධාරීන් විසින් සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතු ආරම්භ කිරිම ඉතාමත් සුවිශේෂී වන අතර පසුගිය කාලය පුරා අප රටේ පැවති විශාල උත්සව පවත්වා, මහජන මුදලක් වැය කර පැවැත්වු දේශපාලඥයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වු විවෘත කිරිම් වලට තිත තබා තිබීම එහිදී දක්නට ලැබිණි.
උත්සව අවස්ථාවේ කෑම මේසය සඳහා නිළධාරින්ගේ නිවාස වලින් කැවුම් කොසිස් කිරිබත් ආදී රසකැවිළි රැගෙන පැමිනීමට නිළධාරීන් කටයුතු කිරිමෙන් මෙම චාම් විවෘත කිරිමේ අවස්ථාව සඳහා රජයේ පාර්ශවයෙන් කිසිදු මුදලක් වැය නොවු බව මහියංගණ ප්‍රා දේශිය ලේකම් සංජය ප්‍රසාද් වීරසිංහ මහතා පැවසීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහජන මුදලින් හැදුවනම් මොකක්ද විවෘත මොකක්ද මේ විවෘත කරන්නේ?ආයතනය හදන මිනිස්සු ආයතනය හදලා ඉවර නම් ඊට පස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්යලොයේ කට්ටිය ගිහින් වැඩ කරන්න ඕන. අපි ඉන්න රටේ ඩුබායිවල මංතීරු හයක පාරක් කිලෝමීටර් සීයක හදලා ඉවර වුණත් විවෘත කරලා නැත. ඊට පසුදා වාහන ගමන් කිරීමට ඉඩ දෙනවා.
මේ තත්ත්වය දිගටම පවත්වාගෙන යාමට හැකියාව ලැබේවා කියල හිතමු.... අනෙක සෑම විටම සර්ව ආගමික පූජාවක් පවත්වන්න උත්සාහා කරනවා නම් යහපත්.නැතිනම් ජාතික ගීය පමණක්ම ගායනා කර ආයතන ප්‍රධානියා හෝ ඒ අවස්ථාවේ එතැන හිටින ප්‍රදේශයේ වැසියෙක් විවෘත කරන එක හොඳටම ඇති නේද?
හොඳ වැඩක්
මෙම සැරසිලි සඳහා වන බැලුම් බෝල, පිරිත් නූල්, ආදී දේ සඳහා වත් එක රුපියලක්වත් වැය නොවුණිද? මේවා මේ හුදෙක් සංදර්ශන පමණයි. කාලයත් සමග මෙවැනි විකාර අහෝසි වී යාවි.
ඉහළින් ආදර්ශය ආවම ඒක ව්‍යාප්ත වෙනවා.
මෙන්න වැඩ. මෙහෙම දිගටම කරන්න. රටේ ජනතාව මේවා අඟය කරාවී.
මම දැක්කා කෙනෙක් ඔතනට කැඳවන නැටුම් කණ්ඩායම්වලට ආදායම් නැතිවීම ගැන කනස්සල්ලෙන් කතා කරනවා. හැබැයි ඒ වගේ සුළු කාරණා වලට වඩා මේ ප්‍රවණතාවය විශිෂ්ඨයි.
ඇයි පීත්ත පටිය කපන්නේ නැතුව, කිරි උතුරුවන්නේ නැතුව, කැවුම් කිරිබත් කන්නේ නැතුව ඕක ඇතුලට යන්න මොකක් හරි අමාරුවක් තියෙනවා. තවම මේ බොරු වැඩ වලින් මිදෙන්න බැරි මෝඩ මිනිස්සු ඉන්නවා. ඕවා නොකලාට කමක් නැහැ තමන්ගේ රාජකාරීය හරියට කෙරුවොත් ඔතන කිරි ඉතිරෙයි. ජනතාවගේ ආශිර්වාදය ලැබෙයි.
මේ නෝනලා සැරසිලා ඉන්න ඇඳුම මැහුවේ මහියංගන පොලිසියෙන් වෙන්නැති නේද?
අනේ වාසනාවන්. සියලු රාජ්‍ය නිලධාරීන්ට හොඳ ආදර්ශයක්...!
රනිල් කරපු දේවල් වල ප්‍රතිඵල දකිනකොට පුදුම සතුටක් දැනෙන්නේ...!
මහජන මුදලින් නිමා කරන දෙයක් විවෘත කරන්න දේශපාලකයන් මොකටද මෙවැනි අවස්ථාවලට ලකුණු දාගන්න එන දේශපාලඥයින්ගේ ලකුණු කැපෙනවා මිසක් ලකුණු එකතු වෙන්නේ නැහැ.
අප බලාපොරොත්තු වූ ප්‍රධාන වෙනසක් වූයේද මෙයයි. ඇත්තෙන්ම සතුටුයි.
බයියෝ සහ ටොයියෝ - " රිබන් ගන්න සල්ලි කොහේද" ?
මහා හොරාගේ චින්තනයට අනුව, දෙවැනි හොරාගේ යෝජනාවකට, තුන්වැනි හොරාගේ අනුග්‍රහයෙන් , විවෘත කරන්න ආව හොරුසෙට් එකක නම් ලියවෙන සාටක රූප ඇදපු බෝඩ් එකත් නෑ වාගේ….
සිමෙන්ති, වැලි, යකඩ දමා හදපු බිල්ඩිමකට පිරිත් කියා බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? එකම ඇදුම ඇදගත්ත අය ඉන්නේ විකට ඇදුම් තරගෙකුත් තිබ්බද? අලුතෙන් විවෘත කළේ මෙච්චර කල් කාටවත් යන්න බැරි විදියට වහලාද තිබ්බේ? රාජකාරියෙන් බැහැරව මේ කටයුත්තට සහබාගි වුණ අයට එම කාලයට පඩි ගෙවනවාද?
අළුතෙන් බිල්ඩිමක් මහජන මුදලින් හදාගෙන මහජන සේවය පසෙක දා මහජන සේවකයින් ඇඳුම් සෙල්ලම් දමමින්, කෑම කමින්, කිරි උතුරවමින් ඉන්න ගමන් පිරිත්ද අහනවා. පුදුම රටක්…!
මම එක්තරා ඉපැරණි දෙපාර්තමේන්තුවක පළාත් කාර්‍යාලයක අනූව දශකයේ මැද භාගයේ සේවය කලා කුලී ගොඩනැගීලිවල සිටින අතරේ දෙපාර්තමේන්තුව විසින් අලුතෙන් ගොඩනැගිල්ලක් හදලා ඒකේ සේවා ආරම්භ කරන්න කිසිම කෙනකුට ආරාධනා කලේ නැහැ අඩුම තරමින් දිස්ත්‍රික් කාර්‍යාලයේ නිළධාරින්ට වත් කිව්වෙ නැහැ
වියදම් අවම කරමින් කාර්‍යක්ෂම රාජ්‍ය සේවයක් ජනතාවට ලබාදෙන්න, ගොඩනැගිල්ල අලුත් වුණත් ඉලක්කයක් නැතුව දුවන රාජ්‍ය ආයතන නියාමනයක් කළ හැකි තත්වයකට ගේන්න පුළුවන් නම් තමයි වටින්නේ
යහපත් අයුරින් සමාජය ක්‍රමය ක්‍රමයෙන් වෙනස් වෙමින් පවතී. යා යුතු දුර බොහෝ වූවත් ආරම්භය සත්තකින්ම සුබදායකය. කෙදිනක දී හෝ අනාගතයේ අපගේ සුන්දර මාතෘ භූමිය නිදහසේ හුස්ම ගනු ඇතැයි මාගේ එකම ප්‍රාර්ථනයයි.
බල්ලෝ බිරුවාට කඳු පාත් වෙන්නේ නැත. මේ වෙන වෙනස දිහා බලා ඉන්න බැරි කුහකයෝ
LTTE ඩයස්පෝරා අන අකුරටම ජයමන්ගල ගාථා, පිරිත්, පොල්තෙල් පහන , පන්සිල් කිසිවක් නෑ… මෙයා පිටිපස්සේ ඉන්න පල්ලිවල අය සහ LTTE ඩයස්පෝරා ඔවුන්ගේ ඉල්ලීම් අකුරටම...
සමන් ඔයා කන්නේ හාල්, පොල්නම් වෙන්න බැහැ...
මෙතන කවි ලියන අය කවි ලියන්නේ හාල් පෝලිමේ හිටගෙන ඉන්න ගමන් වෙන්න ඇති.. මෙහෙමත් වහල්ලු...
ලංකාවේ මෝඩ මිනිස්සුන්ට දියුණු වෙන්න බැරි මූලික හේතුව මේ කමෙන්ට් වලින් පේනවා. ගොන් හරක් වගේ එකිනෙකාට බැනගන්න එක විතරයි කරන්නේ. මෙලෝ රටට යහපත් දෙයක් ඇත්තටම කරන්න බලන්නේ නෑ...
මේ තමයි අපි බලාපොරොත්තු වූ වෙනස, එය සිදුවෙමින් ඇත...!
ජෙප්පන්ටයි ඔවුන්ට පස්සෙන් සල්ලි දෙන පල්ලිවල අයටයි මේ අපේ හාමුදුරුවරු ඇවිත් පිරිත් ටිකක් කියන පින්තුර වහකදුරු… සිංහල, බෞද්ධ චාරිත්‍ර නැතුව වෙන ආගමක සන්ස්කෘතියක දේවල් කළා නම් තොපි කියන්නේ ඒක ඒ මිනිස්සුන්ගේ අයිතිය කියලා… අපිද ආගම්වාදින්...? ඔයාලාද?
බොහොම ස්තුතියි ඔහොම යමු