
(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරණය අවසන්වී දින විසි එකක් ඇතුළත සිය මැතිවරණ වියදම් වාර්තා බාර දිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සියළුම අපේක්ෂකයන්ට දැනුම්දී ඇත.
එම තොරතුරු නියමිත කාලයට පෙර ඉදිරිපත් කිරීමට යම් අපේක්ෂකයකු අසමත් වූවහොත් සහ වැරදි තොරතුරු ඉදිරිපත් කළහොත් සහ පමණ ඉක්මවා වියදම් කළහොත් රුපියල් ලක්ෂයක දඩයක් නියමවීම හෝ ධූරය අහිමිවීම, වසර තුනක් සඳහා ඡන්දය පාවිච්චි කිරීමේ අයිතිය නැතිවීම හෝ අපේක්ෂකයකුවීමේ අයිතිය අහිමිවීම සිදුවන බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.
මූල්‍යමය වශයෙන්, ද්‍රව්‍යමය වශයෙන් හෝ ණය වශයෙන් ලබා ගෙන ඇති සියලුම තොරතුරු ඇතුළත් කර මෙම වාර්තාව පිළියෙල කළ යුතුව ඇත.
එසේම ඔවුන්ට ආධාර කළ පුද්ගලයන් පිළිබඳවද ඉන් තොරතුරු ඉදිරිපත් කළ යුතු බව පැවැසේ
ප්‍රමාණය ඉක්මවා මුදල් වැය කළහොත් එම අපේක්ෂකයා වැරදිකරුවකු වන බව කොමිසමේ ප්‍රකාශකයෙක් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිවරණයටත් අපත අපේක්ෂකයින් ඉදිරිපත්වීම වැළැක්වීමට නීති අවශ්‍යයි. මේවරත් එවැනි අපත අපේක්ෂකයින් 30 ක් පමණ ඉන්නවා...!