
(ආරියරත්න රණබාහු )
රට බංකොලොත් කළ වියත්මගේ පිරිස් පක්ෂයට බඳවා ගැනීමේදී ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු යැයි සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.
පක්ෂය වෙනුවෙන් අපි කැපවී කටයුතු කරන පිරිස් ආරක්ෂා කරගෙන විශ්වාස වන්ත පිරිස් පමණක් එකතු කරගැනීම නුවණට හුරු බව පැවසූ මන්ත්‍රීවරයා එසේ එකතු වන අයගේ හැකියාව සහ ඔවුන්ට රටේ ඇති පිළිගැනීම තක්සේරු කළ යුතු යැයිද කීය.
එසේ ප්‍රවෙිශමෙන් ක්‍රියා නොකළහොත් ජනතාවගේ චෝදනාවට ලක්විය හැකියැයිද හෙතෙම වැඩිදුරටත් පැවසීය .
සමගි ජන බලවේගයේ ජාතික සංවිධායකවරයා මේ බව පැවසුවේ සමගි ජන සන්ධානය සමඟ නිදහස් ජනතා සභාවේ මන්ත්‍රීවරු පිරිසක් එක්වීම සම්බන්ධයෙන් ඔහුගේ අදහස් මාධ්‍ය වෙත ප්‍රකාශ කරමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වියත්මග නොවේ එය විපත් මග... දේශපාලුවන්ගේ හෙංචයියලා ටිකක් රට වැනසූ කාලකණ්ණි හැතිකරේට ඒ සඳහා නොමසුරු සහයෝගයක් දුන් අය.
නාලක ගොඩහේවා කියන්නේ කිසිම ඡන්ද පදනමක් නැති කෙනෙක්. ගෝඨාභය නිසා මිනිස්සු ඡන්දෙ දුන්නේ... තිස්ස මහත්තයෝ ඔබතුමාගේ නායකයාට කියන්න ඕනෙ දේවල් මාධ්‍යයට කියලා වැඩක් නැහැ...
ඔවා දෙනු පර හට, තමා සම්මතෙහි පිහිටා සිට.
තමුන් ගැන උනත් අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .මහින්දයා ගේ සාටකේ එල්ලිලා සවුක්‍ය ඇමති වෙලා කරපු හරිය මදෑ.
තිස්ස, තිස්ස නවතිනු, තිස්ස, තිස්ස නවතිනු තිස්ස, නවතිනු
පක්ෂේ අදාලම නෑ. තිස්ස අත්තනායක ඉන්නේ මොන පැත්තේද ඒ පැත්ත පරාදයි. කොටින්ම මහින්දට හේත්තු වෙච්චි සැරේ මහින්දත් පරාදයි...