
(අංජුල මහික වීරරත්න)
වියට්නාමයේ හැනෝයි හී Bai Dinh විහාරස්ථානයේ රෝපණය කරන ලද ශ්‍රී මහා බෝධි අංකුරය වටා ඉදිකිරීමට අපේක්ෂිත බෝධි ප්‍රාකාරය තැනීමට අවශ්‍ය මුල්ගල සහ එම සැලසුම ශ්‍රී ලංකා වියට්නාම් තානාපතිනි H.E. Ho Thi Thanh Truc මහත්මිය වෙත බාරදීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා වියට්නාම් තානාපති කාර්යාලයේ දී අද (22) සිදු කෙරිණි.
එම බෝධි අංකුරය වටා ඉදිකිරීමට අපේක්ෂිත බැමි හා පිවිසුම් සඳහා ශ්‍රී ලංකාවේ කලා සම්ප්‍රදායන් අනුව සකසන ලද මුරගල්, කොරවක්ගල්, පඩි කඳන්, රන් වැට සහ වෙනත් අලංකාරයන් සහිතව මෙම බෝධි ප්‍රාකාරය ඉදිකිරීමට ආරාධනා ලැබී ඇති අතර ඒ අනුව එහි පළමු අදියර ලෙස මුල්ගල අද බාර දුන්නේය.
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ආගමික හා සංස්කෘතික සබඳතා තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණෙහි එක් වැඩසටහනක් ලෙස මෙය සිදු කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වියට්නාමයේ තිබෙන පිවිතුරු මහායාන බුදු දහමත් විනාශ කරන්නද මේ දඟලන්නේ..? මොනවා වුණත් පැලවෙන මුල්ගල් අටවන්න ලංකාවේ දේශපාලුවන් හරිම දක්ෂ බව වියට්නාම් වැසියනුත් දන්නවා ඇති...