(යොහාන් භාසුර)
ව්‍යාජ තොරතුරු මත ජාතික හැදුනුම්පත් සහ විදේශ ගමන් බලපත්‍ර සකස් කර විදේශගතවීම වැලැක්වීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පරිශිලනය කිරීම සඳහා අවසර දෙමින් එම ආයතන දෙක අවබෝධතා ගිවිසුමකට පසුගියදා අස්සන් තැබීය.
විදේශ ගතවන පුද්ගලයන් විවිධ හේතු පදනම් කරගෙන ව්‍යාජ උප්පැන්න සහතික, හැදුනුම්පත් සහ විදේශ ගමන් බලපත්‍ර සකස් කර විදේශ ගතවීමේ අවස්ථා නිරන්තරයෙන් වාර්තා වන බවත් සැක සහිත හැදුනුම්පත් සහ විදේශ ගමන් බලපත්‍ර ක්ෂණිකව පරීක්ෂා කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට මෙතෙක් අවස්ථාවක් නොතිබූ බවත් එම කාර්යංශය පවසයි.
අවබෝධතා ගිවිසුම අනුව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේනතුවේ පරිගණක දත්ත පද්ධතිය පරිශිලනය කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අවස්ථාව ලැබෙන අතර ඒ අනුව සැකසහිත පුද්ගලයින්ගේ තොරතුරු ක්ෂණිකව පරික්ෂා කිරීමට හැකිව උදාවේ.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මහේන්ද්‍ර කුමාරසිංහ සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් වියානි ගුණතිලක යන මහත්වරු මෙම ගිවිසුමට අස්සන් තැබූහ.
2025 දෙසැම්බර් මස 18
62
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
135
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
934
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ව්‍යාජ හැදුනුම්පත් අල්ලන්න ආයතන දෙකක් එක්වෙයි