
( ෂමින් පණ්ඩිතරත්න - ඉතාලියේ සිට)
වෙන්නප්පුව ප්‍රදේශයේ විදේශ සහතික පරිවර්තන ඒජන්සියකින් සැකසූ, ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලයේ ව්‍යාජ මුද්‍රා සහිත සහතිකපත් ඉදිරිපත් කරමින් ඉතාලිය පුරවැසිභාවය ඉල්ලුම් කළ ශ්‍රී ලාංකිකයන් එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අපරාධ නීතිය යටතේ නඩු පවරා ඇත.
ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් තම පවුලේ සාමාජිකයන් ගෙන්වා ගැනීමට වීසා ඉල්ලුම්පත් සැකසීමේදීද, එරට පුරවැසිභාවය ඉල්ලුම් කිරීමේදීද හා වෙනත් අවස්ථාවලදී ද තම උපැන්න , විවාහ, පොලිස් වාර්තා සහතික හා අනෙකුත් සහතික පත්‍ර ශ්‍රී ලංකාවේ පිහිටි ඉතාලි තානාපති කාර්යාලයෙන් නීතිගත කිරීම සාමාන්‍යය ක්‍රියාපටිපාටිය වේ.
මෙම සහතික පත් නීතිගත කිරීමේදී ඉදිරිපත් කළ යුතු අදාළ ලියකියවිලි සැකසීමෙන් සිදුවෙන නොයෙකුත් අපහසුතාවයන් නිසාත් තම පවුලේ සාමාජිකයෙක් හෝ වෙනත් පුද්ගලයකු ඉදිරිපත් කිරීමට නොහැකියාව නිසාත් ඉතාලි ශ්‍රී ලංකා තානාපති කාරයාලයෙන් නම් කර ඇති VSF ආයතනයට අදාළ සහතිකපත් නීතිගත කිරීමට භාරදීම සඳහා වේලාවක් වෙන් කර ගැනීමේදි සිදුවන අපහසුතාවය නිසාත්, ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් මෙරට තැරැව්කාර ඒජන්සිකට හෝ අතරමැදි පුද්ගලයෙක් නම් කරමින් එම අදාල සහතික පත්‍ර නීත්‍යානුකූලව නීතිගත කරතැයි විශ්වාසය මත විශාල මුදලක් වැය කරමින් ඔවුනට පැවරීමට හුරු පුරුදු වී ඇත.
තම විශ්වාසය බිඳ හෙළමින් වංචනික ලෙස විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ මුදල් ගසා කන කූඨ ජාවාරම්කාර ඇතැම් තැරැව්කාර ඒජන්සිකරුවන් එම අදාළ සහතික පත් නීත්‍යානුකූලව සකසනවා වෙනුවට ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති කාර්යාලයේ ව්‍යාජ මුද්‍රා තබමින් සකසා දී තිබීම නිසා එම අදාළ සහතික පත්‍ර පරීක්ෂා කිරීමේදී ව්‍යාජ ඒවා බවට එරට පොලිසිය විසින් හඳුනා ගනිමින් එම ශ්‍රී ලාංකිකයන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පවරා තිබේ.
වෙන්නප්පුව ප්‍රදේශයේ විදේශ සහතික පරිවර්තන ඒජන්සියක් පවත්වාගෙන යන පුද්ගලයෙක් විසින් මෙම ව්‍යාජ සහතිකපත් සකසා දුන් බවට එම ප්‍රශ්න වලට මුහුණ දුන් ශ්‍රී ලාංකිකයන් මුලික පොලිස් පරීක්ෂණවලදී හෙළි කර ඇති බවට වාර්තාවේ.
2025 දෙසැම්බර් මස 18
516
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1063
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ව්‍යාජ සහතික පත්‍ර ඉදිරිපත් කළ ලාංකිකයන්ට ඉතාලියේදී වැඩ වරදී
Ruwan De Silva Wednesday, 12 June 2024 08:24 PM
වෙන්නප්පුව, මීගමුව, ජාඇල විතරක්ම ලංකාවේ අය ලක්ෂ ගාණක් ඉතාලියේ ඉන්නවා ඉතාලි පුරවැසිභාවය තියෙන.
Rohana Wednesday, 12 June 2024 10:05 PM
හොර සහතික හදන කප්පිත්තෝ ලංකාවෙ සිටින බව ඉතාලියත් දන්නේ දැන් තමයි.