
(ටී.කේ.ජී.කපිල )
ඉතාලි සහ ජර්මන් ගුවන් ගමන් බලපත්‍ර කූඨ ලෙස සකස් කිරීමට යොදා ගන්නා ලිපි ලේඛන තොගයක් සමග ව්‍යාපාරිකයෙකු අද(10) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු මීගමුව , කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
මොහු ගුවන් යානා ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීමේ නියෝජිත ආයතනයක් පවත්වා ගෙන යන අතරතුර ඩුබායි රාජ්‍යයට ගොස් රෙදිපිළි සහ සපත්තු රැගෙන විත් මෙරට තුළ අලෙවි කිරීමේ ව්‍යාපාරයක ද නිරත වී සිටින්නෙකි .
මොහු අද(10 ) උදෑසන 08.30 ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ ඉතාලි ගමන් බලපත්‍ර 09 ක් කූඨ ලෙස සකස් කිරීමට අවශ්‍ය මුල් පිට කවර සහ ඒවාට අදාළ වීසා සටහන් පත්‍රිකා 09 ක් සහ ජර්මන් ගමන් බලපත්‍රයක් කූඨ ලෙස සකස් කිරීමට අවශ්‍ය මුල් පිට කවරයක් සහ වීසා සටහන් පත්‍රිකාවක් ද තිබී කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
2025 දෙසැම්බර් මස 18
468
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ව්‍යාජ ලිපිලේඛන සමඟ ව්‍යාපාරිකයා ගුවන්තොටේදී මාට්ටු