
(කේෂර ගුණතිලක)
බඩල්කුඹුර මොනරාගල පාර 11 කණුව අසල පදිංචි කාන්තාවකට අයත් ඉඩමක දැව හෙළීම සඳහා ඇයගේ අත්සන ව්‍යාජ ලෙස යෙදූ අත්සන සහතික කර කූඨ ලේඛන සකස්කිරීම සම්බන්ධයෙන් බඩල්කුඹුර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයෙක් ඊයේ සවස මොනරාගල කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
2017 වසරේ පැමිණිලිකාරිය ප්‍රදේශයෙන් බැහැරව සිටියදී දැව ජාවාරම්කරු විසින් දැව හෙළීම සඳහා අවසර ලබා ගැනීමට දුන් ලිපියේ යොදා ඇති ව්‍යාජ අත්සන ග්‍රාම නිලධාරීවරයා මෙලෙස සහතික කර ඇතැයි මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.
පසුව දැව ජාවාරම්කරු ඇය නොසිටි අවස්ථාවේ ඉඩමේ ගස් කපා අලෙවි කර ඇත.
අනතුරුව ඉඩමේ හිමිකාරිය විසින් ඒ පිළිබඳව බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් වරයාටත් බඩල්කුඹුර පොලීසියටත් පැමිණිලි කර තිබුණත් දේශපාලන බලපෑම් මත පරීක්ෂණයක් සිදුවී සිදුව නැතැයි මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
සිද්ධිය පිළිබඳව වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට පැමිණිලි කිරීමෙන් අනතුරුව මොනරාගල කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය මඟින් අදාළ ග්‍රාම නිලධාරීවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
2025 නොවැම්බර් මස 04
421
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2191
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1658
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ව්‍යාජ ලේඛන සැකසුවැයි ග්‍රාම නිලධාරී අල්ලයි