
( එච්. චන්දන )
ව්‍යාජ රත්තරං නිෂ්පාදනය කර බැංකුවලට උකසට තබන කණ්ඩායමක සිව් දෙනකු අත් අඩංගුවට ගත් බව පුත්තලම මූලස්ථාන පොලීසය පවසයි.
පුත්තලම නගරයේ ඇති රජයේ බැංකුවකින් ලැබුණු පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කල පුත්තලම පොලිසියේ අපරාධ අංශයේ නිළධාරින්ට මෙම ව්‍යාජ රත්තරං නිෂ්පාදනාගාරය සොයා ගැනීමට හැකි වී ඇති ඇතර එයට භාවිතා කරණ උපකරණ තොගයක්ද මෙහිදී පොලීසය සොයා ගැනීමට හැකි වී තිබේ.
ටන්ස්ටන් ලෝහය උපයෝගි කරගෙන එයට රන් අලේප කර එය පුත්තලම නගරයේ ඇති බැංකු රැසකට උකස් කර ඇත.
මෙම බැංකු වලින් ලක්ෂ ගණන් මුදල් ලබා ගෙන ඇති බව මූලික පරීක්ෂණ වලදී අණාවරණය වී ඇත.
පුත්තලම නගරයේ රජයේ බැංකුවකට මෙලෙස ව්‍යාජ ලෙස සාදන ලද මුද්දක් උකස් කිරීමට යාමේදී බැංකු නිළධාරින්ට සැක සිතී පුත්තලම පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව සිදු කරනු ලැබු පරීක්ෂණයකිදී පුත්තලම සින්නනාගවිල්ළුව ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය මෙම ව්‍යාජ රත්තරං නිශ්පාදනාගාරය සොයාගෙන එයට අදාල සැකරුවන් සිව් දෙනකු මෙලෙස පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ. අත් අඩංගුවට ගත් සැකකරුවන් පුත්තලම සිරම්බිඅඩිය , මනගුන්ඩුව යන ප්‍රදේශවල පදංචිකරුවන් වෙයි.
මෙලෙස ව්‍යාජ බැංකුවේ උකස් කර ඇති තවත් රත්තරං මුදු අධිකරණ නියෝග මත 07 වන දින පොලිස් භාරයට ගැනීමට නියමිත අතර රට පුරා මේ අකාරයෙන් විවිධ ස්ථානවල උකසට තබා ඇති රන් භාණ්ඩ පිළිදව තොරතුරු සොය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් මෙවැනි ව්‍යාජ රන් භාණ්ඩවලට අසුවු වෙක් ඇත්නම් පුත්තලම පොලීසයේ අපරාධ අංශයට තොරතුරු ලබා දෙන ලෙස පොලීසය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැංකු අපේ රන්බඩු උගසට ගන්නා විට විතරද උරගාලා උරච්චි කරලා බලලා ගන්නේ? ඔයවිදිහට බැංකු වලටත් ආකිමිඩිස්ලා පත්කරන්න වේවි. හැබැයි හොරබඩු අහුවෙලා පාරේ දිව්වොත් මළකෙලියයි...!