(යොහාන් භාසුර)
රැකියා සඳහා විදේශ ගතවන්නන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි කිරීමේදී විදේශ ගමන් බලපත්‍රයේ අලවනු ලබන ආරක්ෂිත මුද්දරය ව්‍යාජ ලෙස යොදාගෙන ඕමානයට රැකියා සඳහා යාමට උත්සහ කළ කාන්තාවන් දෙදෙනෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන් තොටුපොල ඒකකයේ නිළධාරීන් භාරයට ගත් බවත් එම කාන්තාවන් දෙදෙනා විමර්ශන කටයුතු සඳහා එම කාර්යාංශයේ විමර්ශන ඒකකයට යොමුකළ බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරියෙක් පැවසීය.
යාපනය ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාවන් දෙදෙනා ඕමානයට විදේශ ගතවීම සඳහා ගුවන් තොටුපොලේ කාර්යාංශයේ නිලධාරීන් මගහැර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කවුන්ටර වෙත ගිය අවස්ථාවේදී, ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍රවල තබා ඇති ආරක්ෂිත මුද්දර හා කාර්යාංශ ආරක්ෂිත නිලමුද්‍රා ව්‍යාජ ඒවා බවට ආගමන විගමන නිලධාරීන් හදුනාගෙන ඔවුන් විදේශ සේවා නියුක්ති කාර්යාංශ ගුවන් තොටුපොල ඒකකය වෙත යොමුකර කළ බවත් එම කාන්තාවන් දෙදෙනා ලබාදුන් ප්‍රකාශ අනුව මෙම නීතිවිරෝධි කටයුත්ත සඳහා කොළඹ ආදුරුප්පු වීදියේ තැරැව්කාරියක් සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් එම කාර්යංශය කියයි.
සංචාරක වීසා මගින් විදේශ රැකියා සඳහා තැනැත්තන් යොමුවීම නැවැත්වීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය මේ වන විට පියවර ගෙන ඇති නමුත් විදේශ රැකියා ක්ෂේත්රයට සම්බන්ධ තැරුව්කරුවන් සූක්ෂම අයුරින් සිදුකරන මිනිස් වෙළඳාම නොකඩවා ක්‍රියාත්මක වන බව පෙනී යන බවත් මහජන ආරක්ෂක අමාත්‍යාංශය, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය හා ආගමන විගමන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙවැනි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ කටයුතු නොකඩවා කරන බවත් එම කාර්යංශය සඳහන් කරයි.
COMMENTS
පව් ඒ් දෙන්නා. මේ රට මෙලෝ වැඩක් නැති නිසානේ යන්න ඇත්තේ.කොහොම හරි ගියා නම් සල්ලි කීයක් හරි ලංකාවට ඒවන්න තිබ්බා.