
(ඉන්දිකා රාමනායක )
සේවය අතහැර යාමේ නියෝග නිකුත් කර සිටී පොලිස් කොස්තාපල්වරයකු ව්‍යාජ පොලිස් හැදුනුම්පතක් සන්තකයේ තබාගෙන සිටීයදි අත්අඩංගුවට ගත් බව මාරවිල පොලිසිය පවසයි.
මෙම සැකකරු බීමතින් යතුරුපැදියක් පදවමින් සිටියදී හලාවත කොට්ඨාශ රථවහන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ 04 මාරවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු ඔහු පොලිස් නිලධාරියකු බවට හැදුනුම්පත ඉදිරිපත් කර ඇති අතර, හැඳුනුම්පත සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් මත වැඩිදුර විමර්ශනය කිරීමේදී, සැකකරු හැටන් පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටියදී සේවය හැරයාමේ නියෝග නිකුත් කර සිටි කොස්තාපල්වරයෙකු බවට හඳුනාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd