(පද්මසිරි ගාර්දියවසම්)
රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු නවයක ළග තබාගත් සැකකරුවෙකු වීරකැටිය මැදමුලන ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව තංගල්ල පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි .
තංගල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින්ට ලැබුණු තොරතුරක් අනුව හෙරොයින් මත්ද්‍රව්‍ය වැටලීමකට ගොස් සැකකරුගේ නිවස සෝදිසි කිරීමේදී මෙම ව්‍යාජ මුදල් නෝට්ටු සොයාගත් බව පොලිසිය පවසයි
අත් අඩංගුවට ගත් සැකකරු වීරකැටිය මැදමුලන පදිංචි කරුවෙකි .32 හැවිරිදි වියේ පසුවන ඔහු රැකියාව ලෙස කුලීවැඩ කරන අයෙකු බව පොලිසිය කියයි .
සැකකරුට ව්‍යාජ මුදල් නෝට්ටු ලැබුණු අයුරු අනාවරණය කර ගැනිමට වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සදහා වීරකැටිය පොලිසියට බාර දී තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැදමූලනේ නම් ආයේ අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ.