
( ෂේන් සෙනෙවිරත්න )
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවති ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය පැවැත්වෙමින් තිබියදී ව්‍යාජ විද්‍යුත් ටිකට් පතක් ඉදිරිපත් කොට ක්‍රීඩාංගණයට ඇතුළුවීමට උත්සාහ කළ බව කියන විශ්වවිද්‍යාල සිසුවකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
වීරවිල සෙවණගල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන රුහුණු සරසවියේ සම සෞඛ්‍ය පීඨයේ දෙවැනි වසරේ සිසුවෙකු එසේ පල්ලෙකැලේ පොලිසිය මගින් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොටෝෂොප් තාක්ෂණය භාවිතා කරමින් ව්‍යාජව සකස් කරන ලද විද්‍යුත් ටිකට් පතක් එම සිසුවාගේ ජංගම දුරකථනයේ තිබූ බවත් එය කිව්.ආර්. කේතයේ ස්කෑන් නොවන බව පොලිසිය කියයි.
ඒ හේතුවෙන් සිසුවා පෞද්ගලික ආරක්ෂක අංශයේ නිලධාරීන්ගේ භාරයට ගෙන පොලිසියට භාර දුන් බවද පල්ලෙකැලේ පොලිසියේ ප්‍රකාශකයකු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂුවර්ද සරසවිද...? අපරාදෙ ජාතික ධනය යොදලා හදන්නේ මේ වගේ හොරුද?
බොහොමයක් කැම්පස් ළමයින්ට තමන්ගේ වියදම් දරා ගැනීමට හැකියාවක් නෑ. තියන පීඩනයෙන්, ආතතියෙන් මිදෙන්න තමයි මේ වගේ මැච් එකක්වත් බලන්න එන්නේ. ඉතිං තියන වියදම් පිරිමහගන්න බැරිව ඉන්නකොට ටිකට් එකක් ගන්න සල්ලි කියන්නේ තවත් අමතර දෙයක්. ඒ නිසා මෙවැනි දෙයක් කරන්න ඇති. නීතිය පැත්තෙන් බැලුවොත් වරදක් තමයි. නමුත් එතනින් එහාට දෙයක් මේ කතාවේ නැද්ද?