
(තිලිනි මධුෂානි)
ගෙවුණු පැය 24 ක කාලය තුළ වායු තත්වය විශාල වශයෙන් දුෂණය වී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
මෙසේ වැඩිම වායු දුෂණ තත්වයේ කොළඹ දිස්ත්‍රික්කයේ වාර්තා වන අතර එම වායු දූෂණ දර්ශකය 114 ක් ලෙස සටහන් වේ.
මෙම තත්වය සංවේදී පුද්ගලයින්ගේ සෞඛ්‍යමය වශයෙන් අහිතකර බලපෑමක් ඇති විය හැකි බව එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.
මීට අමතරව වායු දූෂණ දර්ශකය ගාල්ල කරාපිටියේ 90ක්ද පුත්තලම නගරයේ 88 ක්ද කුරුණෑගල සහ අනුරාධපුරය නගරවල 86 වශයෙන්ද සටහන් වේ.
රටේම වායු දූෂණය දර්ශකයේ 50 සීමාව ඉක්මවා තිබීම සංවේදී පුද්ගලයින්ට බලපෑමක් ඇති වීමේ අවධානමක් පැවතිය හැකි බැවින් මේ පිළිබඳව ජනතාව අවධානය පසුවන්නැයි එම සංවිධානය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මෙම වායු තත්වය විටින් විට වෙනස්විය හැකි බවද හෙට දිනයේද මෙවැනි තත්වයක් අපේක්ෂා කළ හැකි බවද එහි දැක්වේ.
2025 දෙසැම්බර් මස 18
289
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වායු දුෂණය ඉහළට