IMG-LOGO

2024 මැයි මස 06 වන සඳුදා


විමලවීරට හොඳටම කලකිරේ

(සුජිත් හේවාජුලිගේ )

තමා තව මාස හතරකින් දේශපාලනයෙන් විශ්‍රාම යන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිගාමඩුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පැවසීය.

මම දීපු බත් එක කාලා මම හදපු ටැප් එකෙන් වතුර බීලා මම හදපු පාර දිගේ ඇවිල්ලා කෝ හපයා කියලා මගේ ගෙට ගිනි තිබ්බ සුන්දර සුකුමාල ඡන්දදායකයා ගැන ආඩම්බරයක් දැනෙන බව පැවසූ මන්ත්‍රීවරයා එහෙම රටක දේශපාලනය කළ යුතු දැයි ප්‍රශ්න කළේය.

මේවා මතක් වෙද්දි තමාට දැනෙන්නේ පිළිකුලක් යයිද දිසානායක මහතා පැවසීය.

 



අදහස් (34)

විමලවීරට හොඳටම කලකිරේ

nimal Friday, 12 April 2024 08:12 AM

හිටියත් කෙරෙන වැඩක් නැහැනේ... යන එකමයි කාරිය...

:       0       0

Asela Friday, 12 April 2024 08:15 AM

ඔහෙව ජනතාව පාර්ලිමේන්තු යැව්වේ ප්‍රදේශයට වැඩකරන්න තමයි. ඔහේගේ සල්ලි වලින්ද පාරවල්, ටැප් හැදුවේ...?

:       0       0

Perera Friday, 12 April 2024 08:40 AM

හැදුවා කියන පාර දිගේ ඇවිල්ලා දුන්නයි කියන බත් කාලා දුන්නයි කියන වතුර බීලා ඔහේ වගේ එයාට ඡන්දෙ දීපු කාලේ ඉවරයි. යන එකමයි හොඳ...

:       0       0

අනුර Friday, 12 April 2024 09:34 AM

බත් පැකට් දුන්නාම එහෙම තමයි

:       0       0

Piyal Friday, 12 April 2024 09:38 AM

ඔයාට ටැප් හදන්න පාරවල් හදන්න ගොඩක් වියදම් යන්න ඇතිනේ. ඔයාලා වගේ මහජනයාගේ සල්ලි වලින් පාරවල් ටැප් හදලා නම දාගන්න අයට කොහොමත් මේ පාර අවස්ථාවක් නෑ මිනිස්සු දැන් ඉස්සරට වඩා උගත්.

:       0       0

Wimal Friday, 12 April 2024 10:11 AM

ඇයි උඹේ සල්ලි වලින්ද ටැප් හැදුවේ බත් දුන්නේ?

:       0       0

සත්‍යපාල. Friday, 12 April 2024 10:35 AM

මේ මිනිස්සු කියන විදියට මේ පාරවල් හදලා තියෙන්නේ, ටැප් හදලා තියෙන්නේ තමුන්ගේ පුද්ගලික සල්ලි වලින් කියලයි හිතෙන්නෙ. අනේ මෙහෙම රටක්.

:       0       0

හ ර් ෂ Friday, 12 April 2024 10:37 AM

මෙයාගේ සල්ලි වලින්ද කරේ කියන එකයි ප්‍රශ්නයයි

:       0       0

kotiya Friday, 12 April 2024 10:41 AM

ඔබ තුමා දීපු බත් එකකෑවාද, ඔබතුමා හදපු ටැප් එකෙන් වතුර බිව්වාද, ඔබතුමා හදපු පාරෙන් ආවද කියන නම් දන් නෑ. හැබැයි ඔබතුමා වනජීවී ඇමැති විදියට කියපු කතා ටික ඇහුවාම ඔබතුමා විශ්‍රාම යන එක ඉතා හොදයි කියලා මට හිතෙනවා. බැරි වැඩ නොකරන් අබරෝ කියලා කියනවානේ.

:       0       0

පිටරටවැසියා Friday, 12 April 2024 10:51 AM

මෙයා මේ කියන ඔක්කොම කරල තියෙන්නෙ ගෙදරින් ගෙනහල්ලා වගෙයි. රටට, ජනතාවට කෙළ වුනේ මජර - අසික්කිත - තකතීරු -අඥාන දේශපාලුවන් නිසා. ඔය 226 ම ගෙදර යනකං මේ රටට, සෙතක් නම් නෑ කවරදාවත් ....

:       0       0

Wasantha Friday, 12 April 2024 10:58 AM

අපේ බදු මුදල් මිසක ඔබේ මුදල් නොවේ... මිනිස්ස එක තේරුම් ගත් දවසක මේ රට හැදේවි...

:       0       0

Nadadawa withanage sisira kumara Friday, 12 April 2024 11:48 AM

අපිටත් ඔයා ගැන කලකිරිමක් තියෙන්නේ

:       0       0

Prabha Friday, 12 April 2024 11:58 AM

මාස 4 එන්නේ විශ්‍රාම වැටුප අරගෙනම යන්න වෙන්න ඇති

:       0       0

නිමල් ප්‍රනාන්දු Friday, 12 April 2024 12:14 PM

බත් එකයි වතුරයි පාරයි නෙමෙයි උඹ කරපු දේශපාලනේ ඒ මිනිසුන්ගේ සහ දරුවන්ගේ ජීවිත විනාශ කලා.

:       0       0

sami Friday, 12 April 2024 12:45 PM

ඔයා පාර හැදුවෙ , ටැප් හැදුවේ රටේ හැමෝටම අයිති සල්ලි වලින් පාර හදපු ඉඩම රටේ හැමෝටම අයිති එක ඔයාට අමතක වුණාද ඔයා එකෙන් හොරා කෑවේ රටේ හැමෝටම අයිති සල්ලි , හැබැයි ඔයා බත් දුන්නේ ඔයාගේ පෝස්ටර් ගහපු ඔයා එක්ක රැස්වීම් වලට යන්න ආපු අයට ඒවාට සල්ලී කොහෙන්ද දන්නේ නැ ,,,

:       0       0

Roshan Friday, 12 April 2024 12:59 PM

අන්න එහෙම අයින් වෙයන් බන් අපිට පව් නොදී.... මම දීපු මම දීපු කියලා කියන්නේ හරියට උගේ අම්ම අප්පගේ බූදලයකින් දීපු දෙයක් වගේ....

:       0       0

ravin Friday, 12 April 2024 01:17 PM

ඇයි තවත් ගසා කන්න බැරියැයි කියලාවත් හිතුණාද? පරම්පරා කියකට විතර හොයාගත්තාද?

:       0       0

Hafeel Friday, 12 April 2024 02:05 PM

හරියට මෙයාගේ පුද්ගලික මුදලින් ජනතාවට කන්න දීල, වතුර දීල, පාරත් හදල දුන්න වගේ. ඔයාල රටට බරක් මිස යහපතක් නොවේ. කෙසේ වෙතත ඔයා ඊළඟ පාර ගෙදර තමයි.

:       0       0

Nandana Friday, 12 April 2024 02:22 PM

මුන් හරියට උන්ගේ බූදලේ විකුණා මෙව්වා හැදුවා වගේ

:       0       0

චන්දන Friday, 12 April 2024 02:34 PM

බෝහෝ දෙනෙක් දේශපාලනයෙන් ඉවත් වෙන සුබ ලකුණු තියෙනවා ..

:       0       0

සමින් Friday, 12 April 2024 02:48 PM

අතින් සල්ලි වියදම් කරලා මහන්සි ඇති නේද

:       0       0

බද්රානි Friday, 12 April 2024 03:16 PM

විශ්‍රාම නොවෙයි, තොලොන්චි වෙලාම යන්න ඕනා මේ වගේ නුගත් බුලත් හපයින්... මේ වගේ නුගත් කයිවාරු කාරයින්ට ච්ගන්දේ දුන්නු මෝඩයින්ට මඩු වලිගෙන් තලන්න ඕනා...

:       0       0

Pathiraja Friday, 12 April 2024 03:27 PM

විමලවීර. ඔයා හදපු පාරකුත් නෑ ටැප් අකකුත් නෑ. ඔයා අවභාවිතා කලේ මහජන මුදල්. මම ඔයා ප්‍රියකළ දේශපාලකයෙක් කාලයකදී. ඒ ඔයාගේ අතීත දුක්ක දෝමනස්සයත් අක්ක. එත් ඔයා දැන් කතාකරන්නේ අයින් වෙන්නේ නැවත අනුකම්පාව ලබාගැනීම මිස කලකිරීමකින් නොවන බවනම් පැහැදිලි. ඔයා හදපු පාරක් ඇත්නම් පරම්පරා ගානකට ගෙවන්න හදලයි ඒටික ඔබ කරේ. නිකන් හිතන්න ඇයි අපට හම්බන්තොටට අදිවේගී ඕන වුනේ. එදා අපි කළුතරට පාර හදල අනෙක් ඒවා කුෂිකර්මන්ත වෙනත් කර්මාන්ත සදහා ආයෝජනය කලානම්, නැවත අදිවේගේ අපේ සල්ලිවලින්ම පටන් ගන්න තිබුන. කඩේ හදන්න ඉස්සෙල්ල පාර හදපු එක කරලා කඩේට බඩුගන්න සල්ලි නැති වුන දෙයක් තමයි මම දකින්නේ. කටුනායක වගේ වගුරු බිම් වල පාර හදපුවගෙන් අපේ ඉන්ජිනේරුවන්ට හොද අවබෝදයක් ගන්න තිබ්බ ඒවා බලාගෙන අපේ අයට අලුතෙන් අපේම පාරවල් හදන්න තිබුන. ඒක නැතිකරපු ඔයාල ඔයාලගේ පාරවල් ගැන කතා කරනවා.

:       0       0

සුබ අනාගතයේ සෞභාග්‍යය Friday, 12 April 2024 03:49 PM

තමුන්නැහැ දුන්නු බත් එක කාලා කෙළෙහිගුණ සැලකීමට ඡන්දය දීලා තමුන්නැහැ රටේ ප්‍රභූවරයකු කළා... අපි බත් එකට ණය නැහැ.. ඊළඟට ටැෆ් එක හා පාරවල් හැදුවේ ඔහේගේ අම්මගේ අප්පගේ බූදලයෙන් නොවෙයි... අපිට ඔබලාට අයිති සමහර විට තවත් පරම්පරා ගණනක් ගෙවීමට තියෙන ණය කන්දරාවේ මුදල් වලින් තමයි. ඒවායිනුත් තමුන්ට අඩුම තරමින් වටිනාකමෙන් 5% ක් වත් ලැබෙන්න ඇති... ඒ නිසා අපි ඒවාටත් ණය නැහැ කියලා කියන්න පුළුවන්... කූඩැල්ලා කොට්ටේ උඩ තියන්න බැහැ වගේ තමාට කරන්න බැරි නම් යන්න පුළුවන් අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ...

:       0       2

විජිත් Friday, 12 April 2024 04:01 PM

තමන්ගේ වාචාල කට නිසා තමන් කරන්නේ කුමක්ද, කියන්නේ මොනවාද සියල්ල අමතක වුණා. මන්ත්‍රී උෂ්ණය ඔළුවට ගැහුවා, ඡන්ද දායකයින් අමතක කළා, හැකි ආකාරයකින් දූෂණයේ යෙදුණා... මහජන දේපළ හොරා කෑවා. ඔබ ඡන්දෙට ආවත් බලු විදිහට පරදිනවා. හැබැයි කළකම් පළදෙනවා. ඒවාට ලැහැස්තිවෙලා ඉන්න. ඔබට පමණක් නොවෙයි දියවන්නාවේ උඩ පිනුම් ගහන 225 විතරවන "මෝඩ නරි " රංචුවටම ඔය ඉරණම අත්වෙනවා. ඡන්දෙන් පරදිනවා නරක විදිහට. ඊට පස්සේ සේකියුරිටි කුක්කන් එකෙක්වත් නැහැ. ආණ්ඩුවේ වාහන නැහැ. ගෙවල් නැහැ. කිසිකෙනෙක් ගණන් ගන්නේ නැහැ... එළියට යන්න බැහැ... මිනිස්සු ගහන්න බලාගෙන ඉන්නේ, අන්ත අසරණ වෙනවා. කොටින්ම කියනවා නම් "බල්ලා මාක්" එකට වැටෙනවා. ඊට පස්සේ ඒ අය කරපු දුෂණ හොයලා අධිකරණ ක්‍රියාමාර්ග පටන් ගන්නවා. අන්තිමට බලු කූඩුවට යනවා.

:       0       2

අරවින්ද මොනරවිල Friday, 12 April 2024 05:31 PM

මෙයාගේ පෞද්ගලික දේපල වලින් පාරවල් ටැප් ලයින් හැදුවා වගේ කතා කරන්නේ... දැනට ගෙදර යන්න පස්සේ හිර ගෙදරට යන්න ලැහැස්ති වෙන්න...

:       0       2

Anura Bandara Friday, 12 April 2024 08:58 PM

ඇයි මාස 4ක්...? දැන්මම ගියා නම් තමයි හොඳ...

:       0       3

විදුර Friday, 12 April 2024 09:49 PM

කාලකන්නි දේශපාලකයින් මගේ ආර්තිකේ විනාශ කළා...

:       0       3

bandara Friday, 12 April 2024 10:10 PM

ඔහේ දකිනකොට අපටත් පිළිකුලක් දැනෙනවා. නම්බු පිටින් ඉල්ලා අස්වෙන එක ඔහෙලාට හොඳයි...

:       0       3

Anedakiyanne Friday, 12 April 2024 10:28 PM

අනේ මගේ කට ඉතින් ...... "මම දීපු බත් / මම හදපු ටැප් / මම හදපු පාර" කියන්නේ කොහොමද මහජන මුදල් (රාජ්‍ය මුදල්) වලින් හදලා, තව යටින් කොමිස් ගහලා, හොර බිස්නස් සල්ලි වලින් හම්බ කරලා...

:       0       2

Kumara Saturday, 13 April 2024 01:13 AM

ඒක හොඳයි. කොහොමත් ඊළග ඡන්දෙන් ගෙදර තමයි.

:       0       3

Bamunuarachchi Saturday, 13 April 2024 06:08 AM

කලකිරෙන කොට කළ පිරිලා තිබෙන්න ඇති.

:       0       3

sudesh arunashantha Saturday, 13 April 2024 11:31 AM

කුඹුරු වැඩ කරලා හම්බ කරපුවාගෙන් දීපුවා වෙන්න ඇති...

:       0       3

Bunny Preena Monday, 15 April 2024 09:34 AM

පවු, එතුමා මේවා ඔක්කොම කරලා තියෙන්නේ තම දෙමව්පියන්ගෙන් ලැබුණු බූදලයෙන් වෙන්න ඕනෑ.

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

සාමාන්‍ය පෙළ විභාගය ඇරඹේ
2024 මැයි මස 06 0 0

මෙරට අනාගත පරපුරේ ප්‍රධානම විභාග කඩඉමක් වන 2023 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (6) ආරම්භ වේ.


ප්‍රාණ ඇපයට ගත් දරු දෙදෙනා පැය නවයකට පසු බේරා ගැනෙති
2024 මැයි මස 06 797 0

හංවැල්ල ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි තම බිරිය ඝාතනය සදහා ඊයේ (05) දින සවස අත් බෝම්බයක් රැගෙන පැමිණි නීත්‍යානුකූල සැමියා බව කියන පුද්ගල



ජපන් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වැට උඩ
2024 මැයි මස 06 637 0

ශ්‍රී ලංකාව විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ ද ජපානයේ මූල්‍ය ආධාරවලින් ඉදිකිරීමට යෝජිත සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීම අවිනිශ්චිත තත්වය


මැයි රැලියට පාන් අරන් බේකරියට පොලු තියලා
2024 මැයි මස 05 1835 0

විරුද්ධ දේශපාලන පක්ෂයක දකුණු පළාතේ ප්‍රධාන නගරයක පැවැත්වූ මැයි දින රැලියකට රක්වාන මැතිවරණ කොට්ඨාසයෙන් සහභාගී වූ පාක්ෂිකයන්ට උදේ ආහාරයට ලබාගත් පාන්


කුලියාපිටි තරුණයාගේ ලේ සහිත තවත් වෑන් රියක් මාතලේ
2024 මැයි මස 05 2478 0

කුලියාපිටියේ පෙම්වතියගේ නිවෙසට ගිය සුසිත් ජයවංශ නැමැති තිස් හැවිරිදි තරුණයා පැහැරගෙන අතුරුදන් කිරීමට යොදාගත් බවට සැලකෙන වෑන් රථය මාතලේ, විල්ගමුව සත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 499 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1954 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1714 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site