(නිමන්ති රණසිංහ)
එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු මෙරටට පැමිණීම සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් කරමින් මහජන පීඩාවක් ඇති කළැයි කියන සිද්ධියකට අදාළව පවතින නඩුවටක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (13) වරෙන්තු නිකුත් කළේය.
මෙම සිද්ධියට අදාල මහේස්ත්‍රාත් පරීක්ෂණය අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් විණි.
ඉකුත් 2016 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී මෙම විත්තිකරුවන් කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මහා මාර්ගය අවහිර කරමින් මහජන පීඩාවක් ඇති වන ආකාරයෙන් උද්ඝෝෂණයක් කල බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.
හිටපු අමාත්‍ය විමල් වීරවංශ, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයින් වන වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක, සහ රොජර් සෙනෙවිරත්න යන අයවලුන් මෙහි අනෙකුත් විත්තිකරුවෝ වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයගෙ සිහින කවද ඉවර වෙවිද දන්නෙ නැහැ. අපෙ රටෙ බිහිවුනු අති අසාර්තක ,කට්ට, වෙට්ට, හිස් දේසපාලකයෙක්.
එතකොට පොලිසියේ උන්දලට විතරද මහාමාර්ග වහගෙන මිනිසුන්ට කරදරයක් වෙන විදිහට හැසිරෙන්න පුළුවන් ? මන් තවම දැක්කේ නැහැ එහම කරපු එකකට පොලිසියේ ලොකොන්ව උසාවි කැඳවනවා
බොහොම හොදයි. නමුත් ඒ සමගම තවත් වරෙන්තු නිකුත් කළ යුතුම පිරිසක් ඉන්නවා ඒ වරද්දම කරන. එනම් මහජන පීඩා ඇතිවන අයුරින් මහා මග නෙය්යාඩගම් නටන. මෙන්න ලැයිස්තුවෙන් නම් කීපයක්. අනුර කුමාර, ලාල් කාන්ත, කුමාර් ගුණරත්නම්, කුප්‍රසිද්ධ අන්තරේ ශිෂ්‍ය ත්‍රස්තවාදීන්, ගුරු සංගම් නායක ත්‍රස්තවාදී තුමා ජෝශප් ස්ටාලින්. මේ අයවත් අත්අඩංගුවට ගත්තොත් සාමාන්‍ය මහජනතාවට නිදහසේ පාරේ බැහැල තම තමන්ගේ රැකියාවලට යන්න පුළුවන්.
කාගෙ නෝනටද පෙබරවාරි අග දවස්වල දවස් තුනේ අසනිප නිවාඩු දුන්නෙ? දැන් මෙයාට එයාව බලාගන්න දුන්නු නිවාඩුද?
මේ අයට රජකාලේ දඬුවම් තමයි ලැබෙන්නේ...!
ආණ්ඩුව පැත්තේ හිටගත්තා නම් ඔය මොනවත් කරදර නැහැ. ඕන මගඩියක් කරලා නිදහසේ ඉන්න පුළුවන්.