
(විමුක්ති එස් රුද්‍රිගු)
රජයට අයත් වාහන අයථා පරිහරණය තුළින් ලක්ෂ 90 ක පමණ පාඩුවක් සිදුකළා යැයි චෝදනා එල්ල වී තිබෙන ජාතික නිදහස් පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතාට සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සමන්ත ලොකු හැන්නදිගේ මහතාට එරෙහිව පවරා ඇති නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන ජනවාරි මස 29 වැනිදා කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (31) නියෝග කළේය.
ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජාතික නිදහස් පෙරමුණට ලබා දුන් රජයේ වාහන 40ක් පමණ සැකකරුවන් මෙලෙස අවභාවිතා කර ඇතැයි නඩුව කැඳවූ අවස්ථාවේදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පැවැසුවේය.
නඩුව කැඳවූ අවස්ථාවේදී විමල් වීරවංශ මහතා ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු විවෘත අධිකරණයේ පෙනී සිටියේය.
සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර ඇති දෙවන සැකකාර රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සමන්ත ලොකු හැන්නදිගේ , පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු දෙදෙනා නඩුව කැඳවූ අවස්ථාවේදී විවෘත අධිකරණයේ පෙනී සිටියේය.
COMMENTS
සැප් 21 පස්සේ විමල් මහත්තයා ලෑස්ති වෙලා ඉන්න අවුලට යන්ඩ