
ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තරව ද කීර්තියට පත් ප්‍රවීණ කලාකරු විමල් වික්‍රමසුරේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත විය.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභා ගැබේ පිවිසුම් දොරටුවේ මනස්කාන්ත පිත්තල කැටයම මෙන්ම සභා ගැබ තුළ ඇති සියලුම කැටයම් ඔහුගේ නිර්මාණ වේ.
මෙරට රාජ්‍ය නායකයෙන් රැසක් නිර්මාණකරණයේදී ඔහු සමීපව ඇසුරු කොට ඇති අතර ඉන් කීප දෙනකු ඔහුගේ කළුතර නිවසටද පැමිණ ඇත .
මෙරට පළාත් සභා කීපයකම සෙංකෝල ඔහුගේ නිර්මාණයන් ය. ඒ නිසාම ඔහුගේ නිවස "සෙන්කෝල ගෙදර " ලෙස හැඳින්වීමට කළුතර ජනතාව පුරුදුවී සිටියහ.
මෙරට කලාකරුවන් සඳහා පිදෙන සෑම සම්මානයකින්ම ඔහු පිදුම් ලබා තිබුණි .
විශිෂ්ඨතම කලාකරු විමල් වික්‍රමසුරේන්ද්‍ර මහතාගේ දේහය කළුතර දූව පංසල පාරේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (18) සවස 6.00 ට වස්කඩුව ආදාහනාගාරයේදී සිදු කෙරේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මෙවැනි පුද්ගලයින්, කලාකරුවන් ප්‍රභූ වරුන් සේ සළකා රාජ්‍ය අනුග්‍රහය ලබා දුන්නට වරදක් නැත, හොර, තක්කඩි දෙසපාලුවන්ට රාජ්‍ය අනුග්‍රහය නොදී ...