(සුජිත් හේවාජුලිගේ )
තම ප්‍රදේශයන්හි සංවර්ධනය සඳහා විමධ්‍යගත අරමුදල් ලබා දෙන්නැයි ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපතිවරයාගෙන් සහ කතානායකවරයාගේ පසුගියදා නැවත වරක් දැඩිව ඉල්ලීමක් කර ඇත.
මෙම ඉල්ලීම කර ඇති පිරිසට විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුද ඇතුළත් වෙති.
විමධ්‍යගත අරමුදල් නොලැබීමෙන් තම ප්‍රදේශවල සංවර්ධන කටයුතුවලට ලොකු බාධාවක් ඇති හෙයින් දේශපාලන වශයෙන්ද තමන්ට විශාල ගැටලුවක් පවතින බව එම මන්ත්‍රීවරුන් එහිදී පෙන්වාදී ඇත.
ඉදිරියේදී මැතිවරණ පැවැත්වෙන හෙයින් මේ තත්වය යටතේ තමන්ට ජනතාව හමුවට යෑමට නොහැකිවී ඇති බවද මන්ත්‍රීවරුන් පෙන්වාදී ඇත.
ආර්ථික තත්වය සැලකිල්ලට ගෙන මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත මුදල් ලබාදීම වසර තුනක පමණ කාලයක සිට නතර කර ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක සහ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ ප්‍රදේශවල සංවර්ධනය සඳහා අවශ්‍ය මුදල් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවලට ලබාදෙන බවයි. එම කමිටු හරහා ප්‍රාදේශීය සහ ග්‍රාමීය කමිටුවලට මුදල් බෙදා දීම කරන බවත් එම කමිටු සාකච්ඡාවලට සහභාගී වන ලෙස මන්ත්‍රීවරුන්ටද ආරාධනා කරන බවත් බවත් ඔහු සඳහන් කළේය.
මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත අරමුදල් ලබාදීමට වඩා පොදුවේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ජනතාවගේ ඉල්ලීම බවද හෙතෙම කීවේය.
මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත අරමුදල් ලබාදීමේදී තමන්ට හිතවත් තමන්ට ඡන්දය දුන් අයගේ පාරවල් පමණක් හැදෙන තත්වයක් පසුගිය කාලය පුරා දක්නට ලැබුණු බව ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් පැවසීය.
විමධ්‍යගත අරමුදල් වහාම ලබාදෙන ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේදීද පසුගියදා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙමනම්, මෙයා මෙයාගේ බෑණාව නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයට පත්කළ එක සාධාරණද? ඔයාට නෑදෑකමට බෑණාව පත් කරන්න පුළුවන් නම්, ඔයා කොහොමද අනිත් අයට නීති පනවන්නේ?
ජනතා මුදලින් බාල් නැටුවා මදිවට මොවුන්ට තව විමධ්‍යගත අරමුදලිනුත් මුදල් දෙන්න. කොහොමටත් මොවුන්ට ජනතාව අතරට එන්න බැහැ තමයි, විශේෂයෙන්ම ඡන්දෙ කාලෙදී... ආවොත් ගහලා පන්නගන්නවා.
යන්න ඉන්න එවුන් තවත් ගානකට කෙලලා යන්න හදන්නේ...!
මංත්‍රීලා සදහා පුද්ගලික වනසේ ජනතා මුදල් ලබාදෙන විමධ්‍යගත අරමුදල් ක්‍රමය වහාම ක්‍රියාත්මක වනසේ නැවැත්වීම කලොත් නාස්තිය හා දූෂණය වංචාව නැතුව යනවා .රටේ සංවර්ධනය අදාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පදනමෙන් සුදුසු ව්‍යාපෘති තෝරාගෙන කලොත් තරමක් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට දේශපාලන හිතවතුන්ට ත්‍රීවීලර් නැවතීමට ගොඩනැගිලි හදාදීම වැනි අනවශ්‍ය වියදම් අනන්තවත් වෙනවා .කොහොම වුනත් දිස්ත්‍රික් මංත්‍රී ක්‍රමය යටතේ ඔවුන්ට පුද්ගලික වනසේ මුදල් වෙන්කිරීම ඉතාමත් අසාධාරණ නාස්තියක් කියන්න පුළුවන්. විමධ්‍යගත මුදල් කියන්නෙ දේශපාලුවන්ගේ මැතිවරණ කටයුතු කරන්න දෙන මුදලක් නොවෙයි නේද