වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ආපදාවට ලක් වූ 14,000ක පමණ පිරිසකට වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීම සඳහා රුපියල් මිලියන 12ක මුදලක් වෙන් කර ඇති බව ආපදා කළමනාකරණ හා පශු සම්පත් සංවර්ධන අමාත්‍යංශය කියයි.
දිවයින පුරා ආපදාවට ලක් වූ පුද්ගලයන් කඳවුරු 42ක රඳවා ඇති බව ආපදා කළමනාකරණ හා පශු සම්පත් සංවර්ධන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා අද(25) පැවසීය.
පූර්ණ වශයෙන් හානියට පත් වූ නිවාස සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ග්‍රාම සේවා කාර්යාල හරහා රුපියල් මිලියන 2.5ක වන්දි මුදලක් ලබාදෙන බවද, අර්ධ හානියට පත් නිවාස සඳහා සිදු වූ හානිය සම්බන්ධයෙන් විමර්ශනය කර වන්දිලබා දෙන බවද ඒ මහතා පැවසීය.
මේ වනවිට පූර්ණ වශයෙන් හානියට පත් නිවාස 30ක් සහ අර්ධ හානි සහිත නිවාස 412ක් වාර්තා වේ.
ගාල්ල, මාතර, කලුතර සහ කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක අටක හදිසි ආපදා තත්ව සඳහා යෙදවීම වෙනුවෙන් රුපියල් මිලියන 6.3ක මුදලක් ලබාදීමට පියවර ගෙන ඇතැයිද, අමාත්‍යවරයා පැවසීය.
(16844)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ නම් හොඳයි. අවතැන් වූ පුරවැසියන්ට රජයෙන් තමන්ගේ වගකීම් ඉටු කිරීමට ඉදිරිපත්වීම පිළිබඳව, "හැබැයි ගොයියෝ" මේ අපි ප්‍රසිද්ධියේ කියන්නේ ඔය බෙදන වියළි" ආහාර මලුවල එක එක අයගේ නම්ගම් එහෙම ගහනවා නොවේ " හරිද? මොකද ඒ සියලුම වියළි ආහාරවලට වියදම් කරන්නේ අප රටේම අහිංසක බදුගෙවන පුරවැසියන්... එකදු දියවන්නාවේ ඉන්න කෙනෙක්ගේවත් ගෙදරින් ගෙනාපු බූදලේ නෙවෙයි. එසේ කුමක් හෝ ලිවීමට ආශාවක් තියෙනවා නම් මෙසේ " මෙම සියලු වියළි ආහාර සඳහා ලක්දෙරණේ සියලුම අහිංසක පුවරසියන්ගෙන් එකතුකරගත් බදු මුදල් වියදම් කර බෙදා දීමට කටයුතු කරන ලදී " යන්න සඳහන් කලාට වැරැද්දක් නැත.
කරදරයේ වැටුණු විට ගංවතුරෙන් මිනිසුන් ලංකාවේ.. දියවන්නා ඔයේ අය එන්නේ උදව්වට එක පිම්මේ.. බෙදනවා සහන මලු සැම පැත්තේ.. අම්මපා බෙදන්නේ තම ගෙදරින් ගෙනාවා සේ ..