IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


විපතට පත් ධීවර - ගොවීන්ට කඩිනමින් වන්දි

(නිමල කොඩිතුවක්කු)

ආපදාවෙන් විපතට පත් ධීවර සහ ගොවි ජනතාව වෙනුවෙන් වන්දි ගෙවීම්  කටයුතු කඩිනමින් සිදුකරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂන සහ ප්‍රජා සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතා කොලඹදී  පැවසීය.

වන්දි ගෙවීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන රජය වෙන්කර ඇති බවත් වන්දි ගෙවීම ඉල්ක්ක කරගනිමින් දත්ත ලබාගැනීම මේ දිනවල සිදුකරමින් යන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ගංවතුර සහ ආපදා තත්වයන් වලක්වා ගැනීම සඳහා කඩිනම් වැඩපිලිවලක් ඉදිරියේදි රජය ක්‍රියාත්මක කරන බවත් පවතින ආපදා තත්වය සහ වන්දි ලබාදෙන ආකාරය සම්බන්ධයෙන් කොලඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු පැවසීය.

සිදුවූ ආපදා තත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.



අදහස් (0)

විපතට පත් ධීවර - ගොවීන්ට කඩිනමින් වන්දි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 623 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site