
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු මුළුතැන්ගෙයි ( කුස්සිය) සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් පවතින බව ප්‍රකාශ කර ඇති හෙයින් එය තාවකාලිකව වසා දමා එම වැරදි වහාම නිවැරදි කරන්නැයි විපක්ෂයේ මන්ත්‍රීවරුන් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී කරුණු දක්වා ඇති නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවෙන් සැපයෙන ආහාර සඳහා මන්ත්‍රීවරුන් සහ සේවකයන් සැලකිය යුතු මුදලක් ගෙවන හෙයින් පිරිසිදු කෑම වේලක් සැපයීමේ වගකීමක් පාලනාධිකාරියට තිබෙන බවයි.
මෙහිදී අදහස් දක්වා ඇති කතානායකවරයා පවසා ඇත්තේ පාර්ලිමේන්තු මුළුතැන් ගෙයි වැරදි සියල්ල නිවැරදි කිරීමට ඉදිරියේදී අවශ්‍ය සියලු කටයුතු කරන බවයි.
පාර්ලිමේන්තු මුළුතැන්ගෙයි අඩුපාඩු සොයා බැලීම සඳහා කතානායකවරයා විසින් විශේෂ කමිටුවක්ද පසුගියදා පත් කෙරුණු අතර එම කමිටුවෙන් ඉදිරිපත් කෙරෙන වාර්තාව අනුව එහි අඩුපාඩු නිවැරදි කිරීමට කටයුතු කෙරෙනු ඇත.
කතානායකවරයා පසුගියදා පොළොන්නරුවේදී රැස්වීමක් අමතමින් පාර්ලිමේන්තුවේ මුළුතැන්ගෙය නරකාදියක් බව ප්‍රකාශ කළේය
එහි අපිරිසිදුතාව හේතුවෙන් ඉන් සලාද කෑම පවා නතර කළ බව පැවසූ කතානායකවරයා සමහර කෑම පිළියෙල කරන්නේ ශරීරයට අහිතකර රස කාරක පාවිච්චි කරමින් යැයිද සඳහන් කළේය.
මේ අතර කථානායකවරයාගේ මේ ප්‍රකාශයෙන් පසු පාර්ලිමේන්තු මුළු තැන්ගෙයි ආහාර සුරක්ෂිතතාව ඉහළින්ම පවතින බවට ඇතැම් ප්‍රධානීන් මාධ්‍ය සංදර්ශන පවත්වමින් ඒත්තු ගැන්වීමට උත්සාහ බවට සේවකයෝ චෝදනා කරති.
මුළුතැන්ගේ පවතින මෙම අපිරිසිදුතාවය කාලයක සිටන්ම පැවැති බවත් මේ තත්වය නිවැරදි කිරීම ඉතා කාලෝචිත අවශ්‍යතාවක් බවත් ඔවුහු සඳහන් කරති.
අඩුවෙන් සෝදන තත්ත්වය හේතුවෙන් සමහර සේවකයන් පාර්ලිමේන්තුවෙන් මස් මාළු අනුභවය පවා නතර කර තිබෙන බව ආරංචි මාර්ග සඳහන් කළේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ප්‍රශ්නේ පාර්ලිමේන්තුවේ විතරක් නොවෙයි, රට පුරාම තියෙන ආපනශාලා කුස්සි වල තියෙන තත්වයක්. කාලයක් පුරා හරියට නීතියක් ක්‍රියාත්මක නොකර අහක බලන් හිටපු එවයි ප්‍රතිපල පාර්ලිමේන්තුව ඇතුලටම ගිහින්... ලංකාවේ PHI ලා හරියට නීතිය ක්‍රියාත්මක කරා නම් ලංකාවේ තියෙන ආපන ශාලා 75% වත් වහන්න වෙනවා. අඩුම ගානේ දැන්වත් රටේ තියෙන සියලුම ආපන ශාලාවල සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කරන්න, බොහෝ තැන්වල කුස්සියේ ඉඳලා මේසෙට එනකල් කෑම අල්ලන්නේ පිටිපස්ස හෝදපු අත් වලින්. සල්ලි ගෙවලා ගන්න කෑමඑක පිරිසිදුවට මිනිස්සුන්ට දෙන්න ආපනශාලා අයිතිකරුවනට වගකීමක් තියෙන බව කියලා දෙන්න...
හිටපු ඌරන්ට ඕක ප්‍රශ්නයක් වුනේ නෑ. හැබැයි දැන් ඒ ඌරෝ මිනිස්සු වගේ හැසිරෙන්න රඟපෑමක් දානවා..
ඔව් දැන් හොඳ දේට පුරුදු වෙන්න වෙයි. ඉස්සර වගේ ජරාව දැන් බෑ...
ඔය හොද කෑම ඉල්ලන එක්කෙනා බැදුම්කරෙන් කාපු ජරාව දැන් දිරවලාද? තව අර පාවෙන විදුලි බලාගාර වගේ අමු ජරාවම කාපු කෙනෙක් අසූචි හැලියක් වගේ අමතක වෙලා වගේ...
ඇයි, විපක්ෂයේ මන්ත්‍රී නියෝජිතයෙක් කුස්සිය බලලා අවුලක් නෑ කියලා කිව්වේ? එහෙව් එකෙ දවස් දෙක තුනට අවුල් වුණේ කොහොමද?
මෙච්චර කල් කෑවේ ගින්දර... දැන් හොද කෑම ඉල්ලන්නේ. නුඹලාට ඉදිරියේදී බන්ධනාගාරයේ හොදකම ලැබේවි. හැබැයි පෝලිම්වල ඉන්න ඕනේ.
ඒත් පාර්ලිමේන්තුවේ කෑම විෂවීමක් නම් අප කිසිදා අහලා නැහැ...
පහුගිය කාලේ හිටපු දේසපාලුවෝ බඩජාරීකමට කෑවා විතරක් නෙවෙයි,ගෙවල්වල ඉන්න අයටත් අරන්ගියා .සමහර දූෂිත දේසපාලුවන්ගේ ඇගපත ඇරලා ගිය තරමට මොලේ නැහැ.
කරුනාකර බත් මුට්ටි උයන එක නතර කරන්න. කිසිම පාර්ලිමේන්තුවක පැය 24 ක් සේවය කරන්නේ නැහැ. කොහොමත් මහා විසාල කුස්ඩිය මොකටද? පාසල් ගුරුවරුන් කෑම අරන් ගෙදරින් එනවා. සියලුම රැකියා කරන අය තමන් විසින් විසදා ගන්නවා. පාන්පෙති ෆ්හෙකක සැන්ඩ්විච් එකක් සමග තේ එකක් හොදටම ඇති. ඒයත් මුදලට. බත්ම ඕන කට්ටිය... රටේ පුරවැසියෝ වගේ බිරිදට කියලා බත් මුල අරන් එන්න. බරපතල වැඩක් නෙමේනේ කරන්නේ. රජයේ අඩුපාඩු හොයලා මරා ගන්න එකට මොන බත්ද? මේකෑම වේල නතර කරලා මුලුතැන්ගේ වැහුවා නම්... කලින් රටකාපු අය ගෙදර නතර වෙනවා. මේ අයට මොකටද කෑම උයලා තියෙන්නේ... රජයට වෙන වැඩ නැත්ද? පොඩි කැන්ටින් එකක් අරින්න. ආපනශාලාවක් අරින්න අවසර දෙන්න. පිටින් කෑමගෙනත්, පාර්ලිමෙන්තුවේ, මුලුතැන්ගේ... තේ එකක් පමණක් හදන්න. කුස්සියත් පිරිසිදුයි. එන කට්ටියත් අඩුවෙයි...