
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සර්ව පාක්ෂික ආණ්ඩුව හදන්න එන්නැයි බයියොයි,ටොයියොයි හැමෝටම ආරාධනා කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
සර්ව පාක්ෂික ආණ්ඩුවට උදව් කරන්නේ පොහොට්ටුවට ඡන්දය දුන් ඡන්දදායකයන් බලාපොරොත්තු වුණ දේ ඉටු කරන්නට බවද අමාත්‍යවරයා කීය.
රනිල් වික්‍රමසිංහ යනු විපක්ෂයේ අයට අලුත් කෙනෙක් නොව එතුමලාගේ හදවත ඉන්න නායකයා බව කී ප්‍රසන්න රණතුංග මහතා සර්ව පාක්ෂික ආණ්ඩුවක් නැතිතම් සර්ව පාක්ෂික පාලන ක්‍රමයක් හදා රට පත්ව තිබෙන තත්ත්වයෙන් ගොඩ ගන්න එකතු වෙන්නැයි ඉල්ලා සිටින බවත් ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
මෙවැනි ආර්ථික අර්බුදකාරී තත්ත්වයක් තිබියදී මාස හයකින් ඡන්දයකට යනවා යැයි කීම විහිළුවක් බව ද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.
ජනාධිපතිවරයාගේ ඉදිරි ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේදී අදහස් දක්වමින් ප්‍රසන්න රණතුංග මහතා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බළලුන් ලවා කොස් ඇට බාවනවා වගේ කතාවක් පසුගිය මාස30 රට හිගන්නෝ කරලා දැන් උදව් වෙන්නලූ 69 ලක්ෂයක් සතු කරන්නේ ජන්දයක් හැර කිසිම දෙයකට එකතු නොවිය යුතුයි.
කතා කරන්නේ කටින්ද?
ආ... එහෙමද හිතන් ඉන්නේ. විපක්ෂෙ හදවතේ ඇති මඟුලක් නැහැ. මෙයාලට කියන්න මීට වඩා දෙයක් තියනවද? රනිල්ට වඳින ගාථාව කිය කියා ඉන්නෙ නඩු වලින් බේරෙන්න නෑ.
ලැජ්ජ නහාර කපලා කියලා කලින්ම දැනගෙන හිටියේ.
පොහොට්ටුව බේරගන්න ආපු එකම නායකයා ද රනිල් වේ.
පොහොට්ටුවෙ ඉන්න දූෂිත දේසපාලුවන්ගේ සහ කප්පම් කාරයන්ගේ හදවතේ ඉන්න නායකයා රනිල් කියලානම් අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .
කප්පම් පොර එළියට බැහැලා...!
කප්පම් කාරයෝ මහබැංකුවට සෙල්ලම් දාපු අය සුද්ද කරන හැටි...!
ඔව්, හැබයි හදවත්වල හිටපු නායකයා මෙයා නොවෙයි, ඒ රනිල් වික්රමසිංහ. මෙයා රනිල් රාජපක්ස. පටලගෙන අපිව ගොනාට අන්දන්න හදන්න එපා. ඔය කබරගොයා තලගොය කරන න්යාය.
නියමයි, හොරු දෙන්නෙක් එකතු වුණාම හොරු සුද්ද කරගන්න හැටි...
හොරුන්ගේ හදවතේ නායකයා...!
ටොයියෝ බයියෝ විතර අර ගෝ...යියෝ ඕනේ නැද්ද? ප්‍රසන්න මරු නමක්නේ රෙජිස්ටර් කෙරුවේ..!
ගන්ජා ගහාලා පාර්ලිමේන්තු එන එක නවත්තන්න ඕනේ.නැත්නම් මේ වගේ විකාර තමයි කියවන්නේ.