(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිදු දිනයක රටට සතුරු විනාශකාරී ගමනක් නොයන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ඉපදුණු රට දියුණු කිරීම හැර වෙනත් කිසිදු න්‍යාය පත්‍රයක් පොදුජන පෙරමුණට නැතැයි අමාත්‍යවරයා කීය.
විපක්ෂ මවන බොරු බිල්ලන්ට බිය නොවී ආර්ථිකය ස්ථාවර කර රට දියුණු කිරීමට වර්තමාන රජයට සහය දක්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ යැයිද රණතුංග මහතා පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මෙහෙයුම් කමිටුව අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
උඩුගම්පොළ,රෙජී රණතුංග සමරු සම්මන්ත්‍රණ ශාලාවේ දී මෙය පැවැත්විණි.
විපක්ෂය මැතිවරණයක් ඉල්ලා කෑ ගහන්නේ විනෝදෙට බව කී අමාත්‍යවරයා ඡන්දය දුන්නේ නැත්නම් කොළඹ වටලනවා කිව්ව විරෝධයකට ඇවිත් හිටියේ ඉතා සුළු පිරිසක් බව තමා රූපවාහිනියේ දුටු බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට රටට මේ විනාශය කෙරුවේ පොහොට්ටුවද? නැතිනම් අපිද?
ඉපදුණු රටට මෙතරම් ආදරේ නම්, කොහොමද ඉපදුණු රට වැසියන්ගෙන් කප්පම් ගත්තේ? කප්පම් කාරයෝ ආණ්ඩුව නියෝජනය කරන විට, ආයෝජකයන් එන්න බයයි. ඉතින් කොහොමද ඉපදුණු රට දියුණු කරන්නේ?
රාජපක්ෂ පවුලම රටට විනයක්, ඉක්මණින් මුළු රාජපක්ෂ පවුලම අපාගත වෙනවා! මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණම වදිනවා...!
අනේ මෙයාගේ කට... ඔය කතා විශ්වාස කරපු බයියන් දැන් වඳවෙලා...
මෙයාගේ හොම්බට දෙකක් අනින්න ළඟපාත කෙනෙක් ඇත්තේම නැද්ද?
කොලොප්පමටද ඔයාට පුරුදු කප්පමටද දන්නේ නැහැ නේද?
කොළොප්පම තේරෙයි මැතිවරණවල ප්‍රතිඵල නිකුත් වෙන දවසට...
කොහෙන්ද දන්නේ නැහැ කතා කරන්නේ? රටම හොරාකාලා විනාශ කෙරුවේ දූෂිත පවුල් පාලනේ බලලෝභියෝ සහ වටේ හිටපු දූෂිත දේශපාලුවෝ කියලා ලෝකෙම දන්නවා. මෙයාලා ඡන්දෙ නොතියන්නේ බයට... දූෂිත දේශපාලුවන්ට යන එන මන් නැතිවෙන බව හොඳාකාරවම දන්නා නිසා...
ඡන්දේ තියලා බලන්න.... ප්‍රතිඵල දැක්කාම මොළේ කොලොප්පන් වෙයි. මිනිස්සු මෙච්චර පොහොට්ටුවට අකැමැතිද කියලා තේරෙයි. ඔය පොහොට්ටුව කියනකොටත් මිනිස්සුන්ට දැන් පිළිකුල්. ප්‍රජාතන්ත්‍රවාදය තියෙන රටක් විදියට මිනිස්සු කැමැති නායකයෙක් පත්කර ගන්න ඡන්දයක් තියන්න කොලොප්පන් නොකර... දැන් මරු කියවන්නේ නැතිව අවසාන කාලේ....
හොඳට බලන්න අපිට තියන ප්‍රශ්නද මොවුන්ට තියෙන්නේ කියලා. ජන ජීවිත අවුල්වෙලා. වියවුල් වෙලා. මිනිස්සුන්ට වැලේ වැල් නැතුව ඉන්නවා. එහෙව් රටේ මෙයාට තියන ප්‍රශ්න අම්මපා... අපේ බදු සල්ලිවලින් නේද මෙයා සැපේ ජීවත් වෙන්නේ...?
වෙන රටකනම් ඔබතුමාලට ඔහොම කතාකරන්න දෙන්නේ නෑ. ඔබලාම මේ රට අන්ත අසරණ, හිඟන තත්වෙට පත්වෙනකන් සංවර්ධනය කෙරුවා කව්ද? ඔබතුමාලා. ආසියාවේ ආස්චාර්‍යයේ අනුභාවයෙන් බංග්ලාදේශයෙන් පවා ණය ගන්න තරම් අපි ට අවස්ථාව උදාකරලා දුන්න. කව්ද? ඔබතුමාලා. ශ්‍රීලංකාව බංකොලොත් රටක් කියලා ලෝකෙට කීවා. කව්ද ඔබතුමාලා නේද ඒ වගේ *බොහෝ දේ රට වෙනුවෙන් දිවි පුදා කරපු ඔබතුමාලා කොහොම අමතක කරන්නද.